Divaina - බෝම්බ පිපිරීම්වල මහමොළකරුගේ අයිසීස් ක‍්‍රියාකාරකම් හෙළිකරගනී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම්වල මහමොළකරු ලෙස හඳුන්වන ඇඞ්හිල් අමීන් නමැති මෘදුකාංග ඉංජිනේරුවාගේ සියලූම අයිසීස් ක‍්‍රියාකාරකම් ඉන්දීය හා ශ‍්‍රී ලංකා විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

මොහු ඉන්දියාවේ අයිසීස් ක‍්‍රියාකාරීන් දෙදෙනකු සමඟ ඇච්හිල් ඒ එඞ්ස් නමින් අන්තර්ජාලය ඔස්සේ සබඳතා පවත්වා තිබේ. එසේම බෝම්බ පිපිරීමට දින කිහිපයකට පෙර ඔහු බෝම්බකරුවෝ හමුවී සාකච්ඡුා කර ඇත.

ඉන්දියාවේ අහමදබාද් දේවස්ථාන කිහිපයකට ප‍්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ අහ්මද් මිර්යා සහ මොහමඞ් නයිබ් යන අයිසීස් ක‍්‍රියාකාරින්ගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදී මෙම මෘදුකාංග ඉංජිනේරුවා ගැන තොරතුරු හෙළිවී තිබේ.

මොහු අත්අඩංගුවට ගැනීම ගැන පොලිසිය තොරතුරු හෙළි නොකළේ ඔහුගේ සබඳකම් හෙළිකර ගැනීමේ අරමුණින් බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

තමන් මාධ්‍යවේදියකු බව මොහු විමර්ශන නිලධාරීන්ට පවසා ඇතත් එය සාවi බව ද හෙළිවී ඇත.

ඉන්දීය ජාතික ආරක්ෂක ඒජන්්සිය විසින් ඉන්දියානුවන් දෙදෙනාට ගොනු කළ චෝදනා පත‍්‍රයේ පැමිණිලි අධීක්‍ෂණය ද සඳහන් වී තිබේ.

මොහු අලූත්ගම පදිංචිකරුවෙකි.

කීර්ති වර්ණකුලසුරිය

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles