Divaina - රට ව්‍යාකූල කර මැතිවරණ කල් දැමීමට නායකයන් සූක්ෂම වැඩපිළිවෙළක් ගෙන යනවා - වටිනාපහ සෝමානන්ද හිමි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new



රට තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇතිකර ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ කල් දැමීමට රටේ නායකයන් ගෙන යන සූක්ෂම වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා ජනතාව පෙළගැසිය යුතු කාලය එළැඹ ඇතැයි ශ‍්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ කැඳවුම්කරු වටිනාපහ සෝමානන්ද හිමියෝ පැවසූහ.

රටේ නායකත්වය සහ නායකයන් පිළිබඳව මේ වන විට ජනතාව තුළ කිසිදු විශ්වාසයක් නොමැති බවත්, එම නිසා සුදුසු නායකයෙක් පත් කර ගැනීම සඳහා ආණ්ඩුව ජනතාවට ඉඩ සලසා දිය යුතු බවත් සෝමානන්ද හිමියෝ ඊයේ (15දා) පුංචි බොරැල්ල වජිරාශ‍්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළහ.

නායකයින් දෙදෙනා දෙපැත්තකට වී කටයුතු කිරීම පිළිබඳව ජනතාව දැඩි කනස්සල්ලෙන් සිටින බව කී උන්වහන්සේ, ආරක්ෂක වැඩපිළිවෙළක් නොමැති නිසා ජනතාව කලහකාරී ලෙස කටයුතු කරන බවද කීහ.

රටේ හදිසි තත්ත්වයක් තිබියදී ජනාධිපතිවරයා චීන සංචාරයකට ගොස් ඇති බවත්, ඉකුත් දිනවල කලහකාරී සිදුවීමෙන් පසුව ඇති වූ තත්ත්වය පිළිබ`දව කිසිදු ප‍්‍රකාශයක් කිරීමට ඔහු පියවර නොගත් බවත් උන්වහන්සේ සඳහන් කළහ.

අරුණ බෝගහවත්ත

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles