Divaina - මහ සොහොන් බළකා නායක අමිත් වීරසිංහ රිමාන්ඞ්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p1 4මහජන සාමය හා සංහිඳියාව කඩවන ආකාරයෙන් කටයුතු කිරීම හා ජාතීන් හා ආගම් අතර පවතින සංහිඳියාව බිඳීයන ආකාරයේ ප‍්‍රචාර අන්තර්ජාලයට... 04 - පිටුවට

මුදාහැරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයටඉදිරිපත් කළ මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ ලබන 28 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ශලනි පෙරේරා මහත්මිය ඊයේ (15 දා) වැනිදා පස්වරුවේ නියෝග කළාය.

පසුගිය 21 වැනිදා මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කළ මරාගෙන මැරෙන ප‍්‍රහාරවලින් අනතුරුව ජාතීන් හා ආගම් අතර පවතින ආගමික සංහිඳියාව බිඳියන ආකාරයේ ප‍්‍රචාර අන්තර්ජාලයට මුදා නොහරින ලෙසට දැනුම් දී තිබියදීත් සැකකරු විසින් එකී උපදෙස් නොතකා 2018 අගෝස්තු 5 වැනිදා එක්තරා විiුත් මාධ්‍යයකට ලබා දුන් ප‍්‍රකාශයක් යළි යූ ටියුබ් තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලයට මුදාහැර ඇති බව පෙන්වා දෙමින් විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය විත්තියේ නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම ද ප‍්‍රතික්ෂේප කරමින් එම නියෝගය කළාය.

සැකකරු පසුගිය 21 වැනිදායින් පසුව දිනකට හත් අට දෙනා බැගින් සිය නිවසට කැඳවා රහසිගතව සාකච්ඡුා කොට ඇති බවත්, එකී සාකච්ඡුා අනුව පසුගිය දින කිහිපය තුළදී මිනුවන්ගොඩ, වාරියපොළ, කුලියාපිටිය ඇතුළු ප‍්‍රදේශවල ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුවූයේ දැයි විමර්ශනය කරන බවත් කොළඹ දකුණ කොට්ඨාස දූෂණ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක අජිත් කුමාර මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

රාජගිරිය ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන පරාක‍්‍රම බණ්ඩාර නිරිඇල්ල මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව හදිසි නීතිය යටතේ ආරම්භ කළ විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බවත් ඔහුගේ ජංගම දුරකථනය උපයෝගී කරගනිමින් වට්ස්ඇප්, ඉමෝ යන තාක්‍ෂණ ක‍්‍රම ඔස්සේ අන්තර් ජාලයට සම්බන්ධ වී එකී ප‍්‍රචාර කටයුතු කළේ දැයි අනාවරණය කරගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත් උප පොලිස් පරීක්‍ෂකවරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

පොලිසිය අධිකරණය හමුවේ පෙන්වා දුන් පරිදි මුස්ලිම් ජාතිකයන්ට අයත් වෙළෙඳ ආයතන වර්ජනය කිරීම, ඔවුනට ඉඩම් හා නිවාස විකිණීමෙන් වළකින ලෙස රටේ ජනතාවගෙන් ඉල්ලා සිටීම හා මුස්ලිම්වාදය රට තුළ ව්‍යාප්ත වී ඇති බවට රටේ ජනතාව දැනුවත් කිරීම සිය සේවාදායකයා කර ඇති නමුත් එය නීතිය හමුවේ දඬුවම් ලැබිය හැකි වරදක් නොවන බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ.

නීතිඥ සේනක උල්ලදුපිටිය, දුමින්ද චින්තක සහ නීතිඥ අජිත් ප‍්‍රසන්න යන මහත්වරු සැකකරු වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක, ඡායාරූපය කමල් බෝගොඩ

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles