Divaina - වැඩිදුර විමර්ශන සඳහා නාමල් කුමාර සීඅයිඞීයට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p1 5දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ යැයි කියා ගන්නා නාමල් කුමාර නමැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.

නාමල් කුමාර විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (14 දා) අත්අඩංගුවට ගනු ලැබූයේ පැමිණිල්ලක් කිරීම සඳහා වරකාපොළ පොලිසිය වෙත පැමිණ සිටියදීය.

වයඹ පළාතේ ජාතිවාදී කලබල ඇති කිරීම පිටුපස සිටින බවට චෝදනා කරමින් නාමල් කුමාර අත්අඩංගුවට ගත් අතර ඔහු කෙළඹට රැගෙන ගොස් මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම්වලට භාජන කර තිබිණි.

ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත‍්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා නාමල් කුමාර අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

රඳවා තබා ගැනීමේ නියෝග මත රඳවාගෙන මොහුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමට නියමිත බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කීය.

හේමන්ත රන්දුණු

sikuru

ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles