Divaina - තඹ කම්හලේ සේවකයන්ට ඇප දුන් මහෙස්ත‍්‍රාත් ගැන විමර්ශනයක් ඉල්ලයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

court4- වැල්ලම්පිටිය ඕඅයිසීගෙන් අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක්

- පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ ඉන්සාෆ් අහමඞ් නමැත්තාට අයත් වැල්ලම්පිටියේ පිහිටි තඹ කම්හලේ සේවය කරමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් නවදෙනකුට අලූත්කඬේ අංක දෙක උසාවියේ මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා විසින් පොලිස් විරෝධය නොතකා ඇප ලබා දුන් බවටත්, එය නඩු වාර්තාවේ සඳහන් කර නොමැති බවටත් චෝදනා කරමින් එම මහෙස්ත‍්‍රාත්වරයා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ඉල්ලා වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාන මහතා අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් කර ඇත.

මෙම පැමිණිල්ල කර ඇත්තේ පසුගිය 13 වැනිදා ය.

සැකකරුවන්ට ඇප නොදෙන ලෙස පොලිසිය කළ ලිඛිත හා වාචික ඉල්ලීම් නොසලකා ඇප ලබා දී ඇති බවටත් එහි ප‍්‍රතිඵලයක් ලෙස තමා ඇතුළු නිලධාරීන් කිහිපදෙනකුට එරෙහිව පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවටත් හේවාවිතාන මහතා තම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

එම නිසා මේ සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් කරන්නැයි අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලා සිටින බව ද එහි සඳහන් වේ. සැකකරුවන්ට ඇප ලබා දීමට පොලිසිය දැඩි ලෙස විරුද්ධ වූ බවට මෙම නඩුවේම විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී පිටිගල කංකානම්ලාගේ දොන් වසන්ත මහතා දිවුරුම් ප‍්‍රකාශයක් මගින් පවසා ඇතැයි ද එම පැමිණිල්ලේ සඳහන් වේ.

දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ කරන ලද විමර්ශනයේදී මෙම සැකකරුවන් සිම්පත් දෙකේ සිට අට දක්වා සංඛ්‍යාවක් ළඟ තබාගෙන ඇති බවත්, ඔවුන් අපරාධය සඳහා පැහැදිලි අවබෝධයෙන් කටයුතු කර ඇතැයි විමර්ශනයේ දී පෙනී ගොස් ඇති බවත් අධිකරණයට වාර්තා කළ බව ද පොලිස් ස්ථානාධිපතිවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී උදය හේමන්ත මහතා පසුගිය අපේ‍්‍රල් මස 21 වැනිදා රාත‍්‍රියේ කළ දැනුම්දීමක් මත වැල්ලම්පිටියේ පිහිටි කොලෝසස් නමැති තඹ කම්හලට ආරක්ෂාව යෙ¥ බවත්, පසුව ඔහුගේ උපදෙස් මත පුද්ගලයන් නව දෙනකු පොලිස් භාරයට ගත් බවත් පොලිස් ස්ථානාධිපති ගාමිණී හේවාවිතාන මහතා සඳහන් කර තිබේ.

තමන් මෙම පැමිණිල්ල කළේ සාධාරණ පරීක්‍ෂණයක් අපේක්‍ෂාවෙන් බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ගාමිණි හේවාවිතාන මහතා කීවේය. මෙම සිද්ධියට අමතරව එම තඹ කම්හලේ තිබූ භාණ්ඩ කන්ටේනර් මගින් ඉවත් කරගෙන ගොස් ඇති බවට ගෙන ගිය ප‍්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ඒ මහතා ප‍්‍රකාශ කළේය.

හේමන්ත රන්දුණු

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles