Divaina - වයඹ කලබල කළ 78 ක් රිමාන්ඞ්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

769වයඹ පළාතේ ඉකුත් දින කීපය තුළ ඇති වූ නොසන්සුන්කාරී සහ ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 78 දෙනකු ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම සැකකරුවන් අධිකරණයට ඊයේ (15 වැනිදා) ඉදිරිපත් කළ බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

අදාළ පුද්ගලයින් වයඹ පළාතේ පොලිස් කොට්ඨාස වන කුරුණෑගල, කුලියාපිටිය, නිකවැරටිය සහ හලාවත යන ප‍්‍රදේශවලින් අත්අඩංගුවට ගත් අය බවද, මෙම ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවන්ට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ඉදිරියටත් ක‍්‍රියාත්මක වන බව ද ඒ මහතා මාධ්‍ය වෙත කියා සිටියේය.

මේ වන විට පොලිසිය භාරයට ගෙන ඇති වීඩියෝ දර්ශන ගණනාවක් ඔස්සේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීමේ කටයුතු සිදු වන බව පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles