Divaina - සියලූ කලබල තුළ අදිසි හස්තයක් ක‍්‍රියාත්මක වෙනවා; ආචාර්ය නාලක ගොඩහේවා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

ලසිත දුමින්ද
 
 nalakaරටේ ඇති වෙමින් පවතින සියලූ කලබල තුළ කිසිවකුත් නොදන්නා අදිසි හස්තයක් ක‍්‍රියාත්මක වන බවත්, ආණ්ඩුවේ උගුල්වලට නොරැුවටී ලෝකය ඉදිරියේ ජාතිය අවමානයට පත් නොවීමේ වගකීම අප ඉදිරියේ පවතින බවත් දේශපේ‍්‍රමී වෘත්තිකයන්ගේ සංසදයේ කැඳවුම්කරු ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.
 
 රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා දේශපේ‍්‍රමී වෘත්තිකයන්ගේ සංසදය මගින් ඊයේ (14 වැනිදා* කොළඹ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ කී නාලක ගොඩහේවා මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
 
 අද මේ රටේ ජනතාවගෙන් අති බහුතරයක් දේශපාලනිකව දැනුවත්. ඔවුන් මේ වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ. නමුත් සුළුතරයක් රැුල්ලට අසුවී අනවශ්‍ය කලබල ඇති කරනවා. පාස්කු දින අති බිහිසුණු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් පසු සාමාන්‍ය මුස්ලිම් ජනතාවට කිසිදු හිරිහැරයක් වන්නට ඉඩ නොදී ලංකාවේ බෞද්ධ, කතෝලික, හින්දු ජනතාව ලෝකයටම ආදර්ශයක් දුන්නා. සිංහල ජනතාව මුස්ලිම්වරුන්ට පහර දෙනවා කියා පාස්කු ඉරිදා ප‍්‍රහාරයට පසුවදාම එංගලන්තයේ වීදිවල පෙළපාලි ගිය අයට කට උත්තර නැති වුණේ ඔවුන් බලාපොරොත්තු වූ උගුලට සිංහල හා දෙමල ජනතාව අසුවුණේ නැති නිසයි. නමුත් ඒ සිද්ධිය සිදුවී සති තුනකටම පසු නූගත් පිරිසක් කාගේ හෝ උසි ගැන්වීම් මත තැන් තැන්වල මුස්ලිම්වරුන්ට පහරදී සමස්ත ජාතියේම ගෞරවය නැති කරන්නට කටයුතු කිරීම ගැන හෙළාදකිනවා.
 
 83 කළු ජූලිය පිටුපස සිටියේ එවකට සිටි එජාප ආණ්ඩුවයි. එදා ජේ. ආර්ගේ ආණ්ඩුවේ මැරයන් යොදා ජාතිවාදී කලබලයක් ඇති කොට එය වෙනත් දේශපාලන පක්ෂයක් මත පැටෙව්වා. හුදු දේශපාලන වාසි ගන්නට කළ මේ අමන ක‍්‍රියාවන් නිසා ජාතියක් වශයෙන් අපි අවුරුදු 30 ක් දුක්වින්දා. අදත් රටේ කලබලයක් අවශ්‍යව තිබෙන්නේ වත්මන් ආණ්ඩුවටයි. විපක්ෂයට අවශ්‍ය හැකි තරම් ඉක්මණින් මැතිවරණයක්. ඒ සඳහා සාමකාමීව දේශපාලනය කරන්නට පුළුවන් වාතාවරණයක් විපක්ෂය බලාපොරොත්තු වෙද්දී මහජන අප‍්‍රසාදයට ලක්වී සිටින ආණ්ඩුවට අවශ්‍ය රටේ කලබල පවත්වා ගැනීමයි. එනිසා හොඳින් මතක තබා ගන්න මේ ඇතිවෙන සියලූ කලබල අස්සේ ඔබ නොදන්නා අදිසි හස්තයක් තිබෙනවා.
 
 මේ රට ඇදවැටී තිබෙන ආර්ථික, සමාජ, දේශපාලන අගාධයෙන් ගොඩ එන්නට පුරවැසියන්ට තිබෙන අන්තිම අවස්ථාව ඉදිරි ජනාධිපතිවරණය පමණයි. ඒ සඳහා මේ රටේ සියලූම ජනතාව එකතු විය යුතුයි. අද අපට තියෙන ආර්ථික හා ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්න සිංහල දෙමළ හා මුස්ලිම් සෑම පුරවැසියෙකුටම බලපානවා. ඒ නිසා අද සියලූ දෙනාම මේ අසාර්ථක ආණ්ඩුව පලවා හැරීමේ කර්තව්‍යයට එක් වෙමින් සිටිනවා. එක අරමුණක් සඳහා පෙළගැසෙමින් සිටිනවා. මෙය වළක්වන්නට නම් ආණ්ඩුව මේ බලවේගය කැබලිවලට කැඩිය යුතුමයි. මේ ආණ්ඩුවත් බෞද්ධ, කතෝලික, මුස්ලිම්, හින්දු ආගම් වශයෙන් ජාතිය බේද ඇතිකිරීමට කළ හැකි සියලූ දේ ඉදිරි කාලයේදී කරාවි. එය සිදුවන්නේ ඉතා සූක්ෂම විදියටයි. බෙදුනොත් සතුරා ඉදිරියේ ඔබ දුර්වල වෙනවා. අවසානයේ ඔබේම දුර්වලතා මතින් ඔවුන් යළි බලයට එනවා. ඒ නිසා කරුණාකරලා දැනුවත් වෙන්න. ආණ්ඩුවේ උගුලට අසු වී බෙදී වෙන් වෙන්න එපා කියා අනික් අයවත් දැනුවත් කරන්න.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles