Divaina - තවුහිද් ජමාත් ඇතුළු සංවිධාන 3ක් තහනම් කරමින් ගැසට් පත‍්‍රය නිකුත් කෙරේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

 චමින්ද සිල්වා
 
gasatජාතික තවුහිද් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන තුනක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් පත‍්‍රය පෙරේදා (13දා* මධ්‍යම රාත‍්‍රියේ රජය විසින් නිකුත් කරනු ලැබීය.
 
 මහජන ආරක්ෂා ආඥා පනතේ හදිසි රෙගුලාසි යටතේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ලැබී ඇති බලතලවල 75-1 වගන්තිය යටතේ මෙම තහනම් කිරීම සිදුකර ඇත. නැෂනල් තවුහිද් ජමාත් (එන්.ටී.ජේ*, ජමාතේ මිල්ලාතේ ඊබ‍්‍රහිම් (ජේ.එම්.අයි*, විලයාත් අස් සෙයිලානි යන සංවිධාන මෙසේ තහනම් කර තිබේ.
 
 පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් මෙම සංවිධාන තුන තහනම් කිරීමට පියවර ගෙන ඇත. එම ප‍්‍රහාරයන් සම්බන්ධයෙන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයට චෝදනා එල්ල වී තිබේ. පසුගිය මස 21 වැනිදා පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු මෙම සංවිධාන තුන තහනම් කිරීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබුවත් අතිවිශේෂ ගැසට් පත‍්‍රය නිකුත් කරනු ලැබුවේ ඉන් දින 22ක් ඉකුත් වීමෙන් පසුවය.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles