Divaina - ශී‍්‍ර ලංකාව බෞද්ධ රටක් නොවේ යැයි කීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්; ත්‍රෛනිකායික මහ නාහිමිවරු

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

සිරිල් විමලසුරේන්ද්‍ර, සමන්තී වීරසේකර
 
 රටේ අයහපත් වාතාවරණයක් පවතින වකවානුවකදී රජයේ ඇමැතිවරයකු ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ වැනි ප‍්‍රකාශයක් කිරීම පවා ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වැනි යැයි ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඊයේ (14 දා* නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයකින් පවසා තිබේ.
 
 රටේ පවතින අසහනකාරී කාල පරිච්ෙඡ්දයේදී ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයාවන්ගෙන් වැළකී සාමකාමීව එදිනෙදා කටයුතුවල නිරත වන්නැයි අනුශාසනයක් කරමින් මල්වතු විහාරවංශික මහා නිකායේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශී‍්‍ර ඤාණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුවේගොඩ ශී‍්‍ර ධම්මාවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද නිවේදනයෙන් ඉල්ලීමක් කරති.
 
 අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනය මෙසේය.
 
 ශී‍්‍ර සම්බුද්ධ වර්ෂයෙන් දෙසිය තිස්හය වැන්නේ මහින්දාගමනයෙන් අනතුරුව දේවානම්පියතිස්ස රජු දවස මෙරට බෞද්ධ රාජ්‍යයක් බිහි විය. වර්ගය, භාෂාව, ආගම පුපුරණ සුළු ගැටුම් ඇති කරන බෙදුම් රේඛාවක් බඳු වුවත් මෙහි ස්ථාපනය වූ නිර්මල බුදුදහමේ ආභාෂයෙන් හික්මවනු ලැබූ සිංහල බෞද්ධ ජනතාව ඉතිහාසය පුරාම පාහේ වරින් වර මෙරටට සංක‍්‍රමණය වූ විවිධ ජාති හා ආගම් සමග එක්ව සාමකාමීව සහජීවනයෙන් කටයුතු කළහ.
 
 අනාදිමත් කාලයක් තිස්සේ අන්‍යාගම් ඉවසීමේ ගුණයෙන් යුක්තව විසු ශී‍්‍ර ලංකාව තුළ වර්තමාන ගැටලූවට මුල්වූ මුස්ලිම්වරු ලංකාවට අවතීර්ණ වූයේ ස්වදේශිකයන්ගේ හොඳ හිත, විශ්වාසය දිනාගත් සාමකාමී වෙළෙඳ ජනතාවක් වශයෙනි. බෞද්ධාගමේ ඉවසීමේ හා පිළිසරණ වීමේ ගුණයේ උපකාරයෙන් ඔවුන් අපේම ජනතාවක් වශයෙන් එක්ව සාමකාමීව කටයුතු කිරීමේ පරිසරයක් උද්ගත විය. සිංහල ස්වදේශිකයන් හා මුස්ලිම් ජාතිකයන් අතර වර්ධනය වී තිබූ සුහද සම්බන්ධතාවය මුල්කොට ගෙන මෑතක් වන තුරුම මුස්ලිම්වරු බහුතර සිංහල ජනතාව සමග සහජීවනයෙන් කටයුතු කළහ. මුස්ලිම්වරු සමග පමණක් නොව අනෙකුත් ජාතීන් හා ආගමිකයන් සමග ද බෞද්ධයන් කටයුතු කළේ ඔවුනොවුන් හා බලවත් සහෝදරත්වයකිනි. එහෙත් පසුගියදා ත‍්‍රස්තවාදී අන්තවාදී ම්ලේච්ඡු පිරිස්වල කි‍්‍රයාකාරකම් නිසා ජනවාර්ගික ආගමික භේද උත්සන්න වී ඇත.
 
 සියලූ වාර්ගික, සියලූ ආගමික සමගිය සමාදානය තහවුරු වන සේ කටයුතු කිරීම පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයන්ගේ හා විශේෂයෙන් පාලකයන් සතු බලවත් වගකීමක් වන්නේය. එහෙත් බලය මුල්කර ගෙන ඡුන්දගොඩ වැඩිකර ගැනීමේ චේතනාවෙන් කටයුතු කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් අයහපත් ප‍්‍රතිඵල රැුසක් උද්ගත වී ඇත. රටේ අයහපත් වාතාවරණයක් පවතින වකවානුවක දී වගකිව යුතු ඇමැතිවරයෙකු විසින් ‘ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ’ වැනි ප‍්‍රකාශයක් සිදු කිරීම පවා ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වැනිය. එසේම වින්දිතයන්ගේ සිත් සතන් නිවා සනසනු වෙනුවට අදූරදර්ශීව කි‍්‍රයා කරන බවක් දක්නට ලැබේ. පසුගිය පාස්කු ඉරිදා ඇතිවූ අවාසනාවන්ත සිද්ධීන්ගෙන් පසු එහි වින්දිතයන්ගේ සිත්සතන් තුළ විශ්වාසය හා නීතිය සාධාරණත්වය තහවුරු කිරීම වෙනුවට එය නොසලකා හරිමින් කටයුතු කරන ආකාරයක් දැක්නට ලැබිණ. නිසි වේලාවට නිසි ආකාරයට කටයුතු නොකිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන් යළිත් ඇතිවීමට හේතුවී ඇත. මීට පෙරද අවස්ථා කීපයකදී රටේ යහ පැවැත්ම හා අභිවර්ධනය උදෙසා මහා සංඝරත්නය විසින් අනුශාසනා ලබාදී ඇති නමුත් ඒවා නොසලකා හැරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් නැවත නැවත බලධාරීන්ගේ අවධානයට එම කරුණු යොමු කිරීමට සිදුවීම කනගාටුවට කරුණකි. මෙම අවාසනාවන්ත අවස්ථාවේදී නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමෙහි නිරතව සිටින ආරක්‍ෂක අංශයන්ට මැදිහත්ව රටට හිතැතිව කටයුතු කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීම කාගෙත් පරම යුතුකමකි. ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල යෙදෙන වෙසක් පුන් පොහෝ දිනය සැදැහැ සිතින් අනුස්මරණය කිරීමේ සාමකාමී පරිසරයක් ඇති කර ගැනීම සඳහා ලක්වැසි සියලූ ජනතාවම එක්ව සමගියෙන් කටයුතු කොට ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයාවන් වළක්වා ගැනීමට සහයෝගය දීම සුදුසු බව ශාසනාලයෙන් දන්වා සිටුම්හ. තෙරුවන් සරණයි.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles