Divaina - ජාතිවාදී ප‍්‍රහාර ගැන සොයා නීතිය කි‍්‍රයාත්මක කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයකින් කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

Untitled 11මැයි 11 වැනිදා හා ඊට පසුව සිදුවූ ජාතිවාදී ප‍්‍රහාර පිළිබඳ සොයා බලා ඊට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශකවරුන් වන ඇඩමා ඩියොන් හා කැරන් ස්මිත් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ කරුණු අවධාරණය කර ඇත.  පසුගිය දිනවලදී ඇතිවූ සිද්ධීන් නිසා මෙරට සුළු ආගමික කණ්ඩායම අවදානමකට ලක්ව ඇති බව එම ඒකාබද්ධ නිවේදනයේ සඳහන් කර ඇත.
 
 ජාතිවාදී කලකෝලාහල ඇතිවූ විට ඒවා වහාම මැඬපැවැත්වීම සඳහා ආරක්‍ෂක හමුදා යෙදවීම ගැන එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ රජයට ප‍්‍රණාමය පුද කර ඇත. එසේම මෙම සිද්ධීන්ට වගකිව යුත්තන් සොයා බලා දඬුවම් දිය යුතු බව එම නිවේදනය මගින් අවධාරණය කර ඇත.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles