Divaina - ත‍්‍රස්තවාදය තුරන් කරන්න ශී‍්‍ර ලංකාවට සහය දෙනවා; චීන ජනපති මෛතී‍්‍රට කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

chinasත‍්‍රස්තවාදය ශී‍්‍ර ලංකාවෙන් මුලිනුපුටා දමා ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට ශී‍්‍ර ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත ඊයේ (14 වැනිදා* සඳහන් කළේය.
 
 චීනයේ එක්දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ චීන ජනාධිපතිවරයා අතර ඊයේ (14 දා* පස්වරුවේ චීන ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණු නිලහමුව අතරතුර චීන ජනාධිපතිවරයා මේ බැව් පැවසීය.
 
 මේ අතර ශී‍්‍ර ලංකාව තුළ මතුවූ මෙම හදිසි තත්ත්වය හමුවේ ආරක්‍ෂක අංශවල කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි රුපියල් කෝටි 260 ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට චීන රජය පියවර ගෙන ඇත.
 
 එමෙන්ම ශී‍්‍ර ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් කෝටි 150 ක් වටිනා ජීප් රථ 100 ක් ඇතුළු පහසුකම් වහාම ශී‍්‍ර ලංකාවට ලබාදීමට ද චීන ජනාධිපතිවරයා එකඟතාව පළ කර තිබේ.
 
 මේ අතර දෙරටේ ආරක්‍ෂක අංශවල සහයෝගීතාව වෙනුවෙන් නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ද මෙම රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව සිදුවිය.
 
 චීන ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ ලොව කොතැනක වුවද ම්ලේච්ඡු ත‍්‍රස්තවාදය තමා දැඩි ලෙස හෙළා දකින බවයි. අපේ‍්‍රල් 21 වැනිදා ශී‍්‍ර ලංකාවේ සිදුවූ ම්ලේච්ඡු ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ මෙහිදී සිය බලවත් අප‍්‍රසාදය පළ කළ චීන ජනාධිපතිවරයා එහිදී අසීරුතාවට පත්වූ සියලූ ශී‍්‍ර ලාංකීය ජනතාව වෙනුවෙන් සිය කනගාටුව පළ කළේය.
 
 ත‍්‍රස්ත අභියෝගය ජය ගනිමින් යළි නැඟී සිටින ශී‍්‍ර ලංකාව සමග චීන රජය සෑම විටම අත්වැල් බැඳගෙන සිටින බව මෙහිදී අවධාරණය කළ චීන ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඕනෑම සහයක් උපරිම ලෙස ලබාදීමට කටයුතු කරන බවද කියා සිටියේය.
 
 අපේ‍්‍රල් 21 වැනිදා සිදුවීම සහ එහිදී ගත් පියවර මෙන්ම ශී‍්‍ර ලංකාවේ නව ආරක්‍ෂක වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයා සමග සාකච්ඡුා කරන ලදී.
 
 දෙරටේ ආරක්‍ෂක අංශ අතර සහයෝගිතා වැඩපිළිවෙළ ශක්තිමත් කර ගැනීම සහ බුද්ධි අංශ අතර තොරතුරු හුවමාරු වැඩසටහන් පුළුල් කර ගැනීම පිළිබඳවද සාකච්ඡුාවට බඳුන් කෙරිණි.
 
 ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ ත‍්‍රස්තවාදය මැඬලීමේ දී මෙන්ම අන්තර්ජාල සහ සමාජ වෙබ් අඩවි හරහා අසත්‍ය ප‍්‍රචාර පතුරවමින් සැඟවී සිට ත‍්‍රස්තවාදය වපුරන පිරිස් සහ අපරාධ සිදුකරන්නන් හඳුනා ගැනීමටත්, එම අපරාධ වළක්වා ගැනීම වෙනුවෙනුත් අවශ්‍ය තාක්‍ෂණික උපකරණ සහ දැනුම ශී‍්‍ර ලංකාවට නොමැති බවයි.
 
 එම උපකරණ සහ තාක්‍ෂණය ශී‍්‍ර ලංකාවට ලබා ගැනීම සඳහා කඩිනම් සහය ලබාදීමට මෙහිදී එකඟතාව පළ කළ චීන ජනාධිපතිවරයා ඒ පිළිබඳ සොයා බැලීමට චීන තාක්‍ෂණික කණ්ඩායමක් ශී‍්‍ර ලංකාවට එවීමට කටයුතු කරන බවද කියා සිටියේය.
 
 චීන ණය ආධාර මත ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳවද මෙහිදී නායක දෙපළ සාකච්ඡුා කළ අතර එම සංවර්ධන ව්‍යාපෘති බොහොමයක කටයුතු කඩිනමින් නිමා කිරීම තම අපේක්‍ෂාව බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
 එමෙන්ම චීන ආධාර යටතේ පොලොන්නරුවේ ඉදිකෙරෙමින් පවතින වකුගඩු රෝහලේ ඉදිකිරීම් කටයුතු පිළිබඳවද සාකච්ඡුාවට ලක්විය.
 
 ශී‍්‍ර ලංකාව සෑම විටම අවංක මිතුරෙකු ලෙස චීනයට ලබාදෙන සහයද මෙහිදී චීන ජනාධිපතිවරයාගේ විශේෂ පැසසුමට ලක්කෙරිණි.
 
 එමෙන්ම මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා දියත් කළ වැඩපිළිවෙළ පිළිබඳවද සිහිපත් කළ චීන ජනාධිපතිවරයා එම අභියෝගය ද ජය ගැනීමට ශී‍්‍ර ලංකාවට හැකියාව පවතින බවට විශ්වාසය පළ කළේය.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles