Divaina - ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ගැන ප‍්‍රශ්න කිරීමට නාමල්, අමිත් සහ ඩෑන් අත්අඩංගුවට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


 
 හේමන්ත රන්දුණු
 
nama135 දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ සහ නව සිංහලේ ජාතික සංවිධානයේ අධ්‍යක්ෂ ඩෑන් ප‍්‍රියසාද් යන තිදෙනා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (14 වැනිදා* අත්අඩංගුවට ගෙන ඇත.
 
 වයඹ පළාත ඇතුළු ප‍්‍රදේශ ගණනාවක පසුගිය දිනවල ඇති වූ ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා මෙම දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
 
 පොලිස් මූලස්ථානයේ පොලිස් අධිකාරීවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් විසින් මහසොහොන් බළකායේ ප‍්‍රධානියා බව කියන අමිත් වීරසිංහ අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙල්දෙණිය නගරයේ දීය.
 
 අමිත් වීරසිංහ තෙල්දෙණිය නගරයට පැමිණි අවස්ථාවේ එහි රැුකසිටි විශේෂ කණ්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගත් අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මූලස්ථානය වෙත රැුගෙන යන ලදී.
 
 මේ අතර දූෂණ විරෝධි ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ යැයි කියා ගන්නා නාමල් කුමාර නමැත්තා අත්අඩංගුවට ගනු ලැබුවේ වරකාපොළ පොලිසියේදීය.
 
 පෙරේදා (13 වැනිදා* රාත‍්‍රියේ පොලිස් කණ්ඩායමක් නාමල් කුමාරගේ නිවසට පැමිණ ඔහු පිළිබඳ තොරතුරු සොයා තිබිණි. ඒ අවස්ථාවේ නාමල් කුමාර සිට ඇත්තේ කුරුණෑගල ප‍්‍රදේශයේ බව පොලිසිය පවසයි.
 
 පොලිසිය තම නිවසට පැමිණියේ මන්දැයි විමසීමට මෙන්ම ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට නාමල් කුමාර වරකාපොළ පොලිසිය වෙත ඊයේ පෙරවරුවේ ගොස් සිටියේය.
 
 ඒ අවස්ථාවේ වරකාපොළ පොලිසියට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් නාමල් කුමාර අත්අඩංගුවට ගත් අතර ප‍්‍රශ්න කිරීම සඳහා පොලිස් මූලස්ථානය වෙත රැුගෙන ගොස් තිබිණි.
 
 වයඹ පළාතේ සහ තවත් ප‍්‍රදේශ ගණනාවක මුස්ලිම් ජනතාව ඉලක්ක කර සංවිධානාත්මක පිරිස් ප‍්‍රහාර එල්ල කළ අතර දේපොල රැුසකට බරපතළ හානි සිදු කර තිබිණි.
 
 මෙම ප‍්‍රහාර එල්ල කිරීම සඳහා ජනතාව පෙළඹවීම සම්බන්ධයෙන් නාමල් කුමාර සහ අමිත් වීරසිංහ යන අයට චෝදනා එල්ල වී තිබෙන බවට පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.
 
 නව සිංහලේ ජාතික සංවිධානයේ අධ්‍යක්ෂ ඩෑන් ප‍්‍රියසාද් මහතා අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් ඔහුගේ මීතොටමුල්ලේ නිවසට ගොස් ඔහු පිළිබඳ විස්තර විමසා ඇති අතර ඔහු එම වේලාවේ නිවසේ සිට නොමැත.
 
 අනතුරුව ඩෑන් ප‍්‍රියසාද් නීතිඥයකු මාර්ගයෙන් පැමිණ බාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
 
 ජනතාව සමග උද්ඝෝෂණවල නියැළී සිටි බවට ඇති තොරතුරු හේතුවෙන් ප‍්‍රශ්න කිරීම් සඳහා මොහු අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසේ.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles