Divaina - රිෂාඩ් බදීයුදීන් මරිචිකට්‌ටි ගමේ ගස්‌ටික කපලා ගම සුද්ද කළා; බේරුවල නගරාධිපති අල්හාඡ් එම්. මසාහිම්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

බේරුවල - චමින්ද ප්‍රසාද්
 
 "රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා වල්වැදුණු මරිචිකට්‌ටි ගම සුද්ද කළා. ගස්‌ටික ඔක්‌කෝම කපලා දැම්මා. දැන් එතන කිසිම සාක්‍ෂියක්‌ නැහැ. ඒකයි එයාට වැරදුන තැන." යෑයි බේරුවල නගර සභාවේ නගරාධිපති අල්හාඡ් එම්. මසාහිම් මොහොමඩ් (ස්‌වාධීන) මහතා ප්‍රකාශ කළේය.
 
 බේරුවල නගර සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැති නගර සභා මාසික රැස්‌වීමේදී නගරාධිපතිවරයා මෙම අදහස්‌ පළ කළේය. වැඩිදුරටත් අදහස්‌ දැක්‌ වූ නගරාධිපතිවරයා මෙසේද පැවැසීය.
 
 "එදා විල්පත්තුවේ සත්තු බලන්න තමයි මරිචිකට්‌ටි කියන ගම්මානෙට ගියේ. මරිච්කට්‌ටි ගමේ ඉඳලා තමයි දවස්‌ දෙක තුනක්‌ නැවතිලා සත්තු බලන්නේ. විල්පත්තු වනය මැද විල්ලු කියලා තැනක්‌ තියෙනවා. විල්ලුව ළ`ග හිටියහම ලංකාවේ ඉන්න ඕනම සතෙක්‌ බලාගන්න පුළුවන්. ඒ විල්ලුවට තමයි ඔක්‌කොම සත්තු වතුර බොන්න එන්නේ. මේ මරිචිකට්‌ටි ගමේ පවුල් 200 ක්‌ 300 ක්‌ හිටියා. ඒ ගම්මානේ මුස්‌ලිම් පල්ලියකුත් තිබුණා. මේගොල්ලෝ එල්.ටී. ටී. ඊ එකෙන් පහර දෙනකොට ඒ ගම දාලා ආවා.
 
යුද්ධය ඉවර වුණාම ආපහු මේ අය පදිංචි වෙන්න ගියා. ඒ ගෙවල් අස්‌සේ විශාල ගස්‌ වැවිලා. අවුරුදු 30 ක්‌ තිස්‌සේ තියෙන කොට කැලේ වැවෙනවානේ. ඒත් ගෙවල් ටික ඒ විදියටම තිබුණා. රිෂාඩ් බදියුදීන් ඇමතිතුමා කළේ මේ අය තමයි එතන හිටියේ කියලා කියපු එක. කියලා විතරක්‌ වැඩක්‌ නැහැ. ඒ ලියකියවිලි පෙන්නන්න ඕනා. එතුමා ඒක මාධ්‍යවලට පෙන්නුවානම් මේ අපේ ගම්මානය කියලා කිසිම ගැටලුවක්‌ නැහැ. ගස්‌ටික කපලා ඔක්‌කොම සුද්ද කළාම කිසිම සාක්‍ෂියක්‌ හොයාගන්න නැතුව ගියා. කැලේ කපලා සිංහල ජනතාව පදිංචි කළා කියලා මතයක්‌ ගෙනිච්චා. කරන්න ගොඩාක්‌ දේවල් තියෙනවා. අපි භේද වෙන්නේ නැතුව අපි මැරෙන්න කලින් මේ පොළොවට දෙයක්‌ කරලා මැරෙන්න ඕනා...
 
 බේරුවල නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති එම්. ආර්. එම්. මුනව්වර් (ස්‌වාධීන), විපක්‍ෂ නායක හසන් µdසී (එ. ජා.ප) එම්. ඒ. එම්. අරූඩ් (ජ. වි. පෙ) යන නාගරික මන්ත්‍රීවරුද මෙහිදී අදහස්‌ දැක්‌වීය.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles