Divaina - සිල්මියාපුර අන්තවාදී පල්ලියට මුස්ලිම්වරුන් විරුද්ධ වෙද්දී එයට පොලිස් ආරක්ෂාව දුන්නා!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

මුස්ලිම් අන්තවාදී ත‍්‍රස්තයන්ට මරණ දඬුවම ලබාදිය යුතුයි එම්. එම්. නසාර් (එජාප)
 

 
 බුර්කාව අපේ ආගමේ නෑ මන්ත‍්‍රී ඒ. එම්. ඉලියාස් මහතා (එජනිස)
 
 සිල්මියාපුරෙන් අත්අඩංගුවට ගත් දේවල් මහා විනාශයක් කිරීමට එකතු කරලා....!
 
 බොරලන්ද - සමන්ත කුමාර
 
 මේ රටේ ජනතාවගේ සිත් තුළ ඇතිවී තිබෙන දුක ශෝකය සැබෑ මුස්ලිම් සිත් තුළත් ඇතිවෙලා. මුස්ලිම් අන්තවාදී ත‍්‍රස්තයන්ට මරණ දඬුවම ලබා දිය යුතු යැයි වැලිමඩ ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී එම්. එම්. නසාර් මහතා මාසික රැුස්වීමේදී පැවසීය.
 
 වැලිමඩ ප‍්‍රාදේශීය සභාවේ මාසික රැුස්වීම එහි සභාපති එස්. ඒ. ආර්. බන්දුසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රාදේශීය සභා රැුස්වීම් ශාලාවේදී පැවැත්විණි.
 
 මන්ත‍්‍රී එම්. එම්. නසාර් මහතා (එක්සත් ජාතික පක්ෂය*: අපිත් සමග ඉතා ලෙන්ගතුව සිටි පිරිස් අපි සමග කථා බහා හා ඇසුර අඩුවෙලා. ත‍්‍රස්තවාදයට සැබෑ මුස්ලිම් වරුන් විරුද්ධයි. ඒ නිසයි ඔවුන් ත‍්‍රස්තවාදී තිප්පොළවල් ගැන තොරතුරු දෙන්නේ. බුර්කාව අපේ ආගමේ නියමයන්ට අදාල නෑ. අපේ ගුරුතලාව ගම්මානයේ බුර්කාව ඇඳීමට කිසි කෙනෙකුට අපි ඉඩදෙන්නෑ. අපේ ආගම වැළඳගෙන බුර්කාවෙන් ඇවිද යමින් සිටි කාන්තාවට ගමේ කාන්තාවන් දැඩි විරෝධයක් දැක්වුවා. පසුව දැනගත්තේ එම කාන්තාව තම අනියමි සැමියා හමුවීමට මෙසේ බුර්කාවෙන් සැරසී යෑමට පුරුදුව සිටින බවයි.
 
 බී. ආර්. පද්මසිරි කුමාර (ශ‍්‍රීලංකා පොදුජනපෙරමුණ* :
 
 සිල්මියාපුර ප‍්‍රදේශයෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය පොලිසිය අත්අඩංගුවට ගත්තා. එසේම පොලිසිය හමුදාවේ සහය ලබාගෙන වැලිමඩ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී කොතරම් නීති විරෝධි දේවල් සමග පුද්ගලයන් අත්අඩංගුවට ගත්තද. මේවා මහ විනාශයකට එක්රැුස්කර ඇති බව පේනවා. ඒනිසා මෙම පුද්ගලයන්ට නීතියෙන් ඉහළම දඬුවම් ලබා දෙන්න කියා ඉල්ලනවා.
 
 මන්ත‍්‍රී වසන්ත නානායක්කාර මහතා (එක්සත් ජාතික පක්ෂය*:
 
 රටක් හැටියට අපි හැමෝම ශෝක වෙනවා. මුස්ලිම් ආගමේ දේශනා පවත්වන්න බාහිර පුජකවරු හා අනෙක් දේශකයන් පැමිණිමට අදාල පල්ලි ඉඩ නොදිය යුතුයි. මෙම ත‍්‍රස්තවාදයට යොමුවෙන්නේ දුප්පත් අය නොව ඉතාමත් මුදල් තියෙන විදේශ අධ්‍යාපනය ලැබූවන් පිරිසක් බව පෙනෙනවා. එයයි මෙහි තිබෙන භයානකකම. අනික මුස්ලිම් ආගමටද එරෙහිව යන අන්තවාදී කණ්ඩායම් සිටිනවා.
 
 මන්ත‍්‍රී ඒ. එම්. ඉලියාස් මහතා (එක්සත් ජනතා නිදහස් සංධානය* :
 
 මෙම සිද්ධියෙන් ඉස්ලාම් භක්තිකයන් පවා භීතියෙන් කාලය ගත කරන්නේ. බුර්කාවට මුස්ලිම් අපි විරුද්ධයි. තම බිරිඳට බුර්කාව අඳින්න කියන පිරිමියා අනුන්ගේ ගැහැනුන්ගේ මුහුණු බලනවා. අනික් අයට එම පුද්ගලයාගේ බිරිඳගේ මුහුණ බලන්න හොඳ නෑ. මේවා මානසික ලෙඩ. මෙම අන්තවාදී කණ්ඩායම සිල්මියාපුර පල්ලියක් හදනවාට මුළු ගමක් විරුද්ධ වුනා. දෙපිරිස ගහගෙන ඔලූපලාගෙන අදටත් උසාවියේ නඩු තිබෙනවා. එදා එම පල්ලිය හැදුවේ පොලිසියේ ආරක්ෂා මැදයි. කොහොම වුනත් මෙම පල්ලිය ඉදිකිරීම ගැන කනගාටුවෙනවා. වැලිමඩ අලූගොල්ල මුස්ලිම් පල්ලියේ පවතින හාස්කම් නිසා ආගම් බේදයෙන් තොරව භාරහාර හා පුදපූජාවලට එහි යනවා අපිම පාලනය වෙමු. එකමුතුවෙමු.
 
 සභාපති: අපි 41 දෙනාගේ යුතුකම සියලූම ආගමිකයන් හා ජාතින් සුරක්ෂිත කර ජන ජීවිතය නගා සිටවීමයි.
 
 මන්ත‍්‍රී එච්. ඇම්. කරුණාරත්න (ජනතා විමුක්ති පෙරමුණ* :
 
 මුදල් ගෙවීමේදී විනිවිද බවක් තිබීම හොඳ දෙයක් බව කියන්න ඕන. සභාපති මුදල් වියදම් කිරීමේදී තනි මතයට නොව මුදල් කමිටුව හා සභාව දැනුවත් කරන්න.
 
 මන්ත‍්‍රී වජිර අතපත්තු මහතා (ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ* :
 
 සභාවේ පසුපස ඉහළ මාලය තහඩු වලින් ආවරණයක් යොදන්න රුලියල් ලක්ෂ 07 වෙන්කළා. දැන් දැල් ආවරණයක් යොදන්න යනවා. මෙය පැහැදිලි කරන්න.
 
 සභාපති :
 
 තහඩු ආවරණයට වෙන් කළ මුදලින් දැල් ආවරණයට යොදවන්නේ. වැලිමඩ නගරයේ මළාපවාහන පද්ධතිය වෙනුවෙන් මුලික රෝහල ඇතුලූ රාජ්‍ය ආයතන වලින් සභාවට අයවීමට ඇතිමුදල් ලබාගැනීමට නීතිමය පියවර ගන්නවා.
 
 මෙම රාජ්‍ය ආයතන මුල් කාලයේ අදාල මුදල් සභාවට ගෙවලා. නමුත් දැන් එම ආයතන වැසිකිළි මළාපවාහනය සඳහා ගෙවන මුදල රුපියල් 750 දක්වා අඩුකරන ලෙසට ඉල්ලීමි කරනවා. මළාපවාහන පද්ධති ව්‍යාපෘතිය වෙනුවෙන් ණය ලෙසින් වසරකට ලක්ෂ 52ක් ගෙවීමට සිදු වෙනවා. මහජනතාවගේ වරිපනම් මුදලින් මෙම ණය වාරික ගෙවන්න සිදුවෙලා යැයි පිළිතුර කථාව පවත්වමින් සභාපතිවරයා පැවසීය.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles