Divaina - පැය 26 ක් ප‍්‍රශ්න කර අමල් පෙරේරා මුදා හරී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

p1 5පාතාල නායක මාකඳුරේ මධුෂ් පැවැත්වූ ඩුබායි සාදයට සහභාගිවෙමින් සිටියදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කළ ජනපි‍්‍රය ගායන ශිල්පි අමල් පෙරේරා රහස් පොලිස් ප‍්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඊයේ (24දා* මුදාහැර ඇත.

පෙරේදා (23 දා* අලූයම ඩුබායි සිට පැමිණි ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ. එල්. 226 දරන යානයෙන් අමල් පෙරේරා ඇතුළු 06 දෙනකු මෙලෙස ශ‍්‍රී ලංකාවට පැමිණ තිබිණි. ඉන් අනතුරුව ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අමල් පෙරේරා ඇතුළු පිරිස වැඩිදුර විමර්ශන සඳහා ගුවන් තොටුපළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික රහස් තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත භාරදී තිබිණි.

අනතුරුව පැය 26 කට අධික කාලයක් ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව ජනපි‍්‍රය ගායන ශිල්පී අමල් පෙරේරා මුදාහැර තිබිණි.

සුජීව තත්සර සහ ටී. කේ. ජී. කපිල

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles