Divaina - ප‍්‍රහාරය සාධාරණීකරණය කළ වවුනියාවේ මෞලවි අල්ලන්න සොයයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

divaina banner new

police4- සහෝදරයා ප‍්‍රාදේශීය දේශපාලනඥයෙක්

- පාස්කු ඉරිදා කොළඹ ඇතුළු ස්ථාන කීපයකට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය ඉස්ලාමීය අභිලාෂයන් ඉෂ්ට කරගැනීම සඳහා ගෙන යන අරගලයේ සාධාරණ ප‍්‍රහාරයක් බවට වීඩියෝවක් අන්තර් ජාලයට මුදා හරින ලද වවුනියාවේ මෞලවිවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ මෙහෙයුමක් දියත් කොට තිබේ.

මෙම ප‍්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් භාර ගැනීමේන් පසුව වවුනියාවේ පට්ටානීච්චූර් ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලිය භාර මෞලවි නව්මාන් නැමැත්තා විසින් එම ප‍්‍රහාරය සාධාරණීකරණය කරමින් එම වීඩියෝව අන්තර් ජාලයට මුදා හැර තිබේ.

මේ වීඩියෝව දැකීමෙන් කෝපයට පත් වවුනියාවේ දෙමළ සංවිධාන කීපයක්ම ඒ පිළිබඳව ආරක්ෂක අංශවලට පැමිණිලි කිරීමෙන් පසුව මෞලවිවරයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම දියත් කොට තිබේ.

සිද්ධියට සම්බන්ධ මෞලවිවරයාගේ පල්ලිය පට්ටානීච්චූර් ප‍්‍රදේශයේ වුවත් ඔහු පදිංචිව සිටින්නේ වවුනියාවේ සෙට්ටිකුලම ප‍්‍රදේශයේය.

පොලිස් නිලධාරීන් පිරිසක් ඔහු සොයා ගිය අවස්ථාවේදී ඔහු මක්කම වන්දනා ගමනක් ගොස් ඇති බව නිවසේ උදවිය පවසා තිබේ. මෞලවිවරයාගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඊට හේතු දෙකක් හරස් වී තිබේ.

ඉන් එකක් වන්නේ මේ මෞලවිවරයාගේ සහෝදරයා පළාතේ ප‍්‍රාදේශීය දේශපාලනඥයකු වීමය. අනෙක් කරුණ වී ඇත්තේ මෞලවිවරයාට නීත්‍යානූකූල භාර්යාවන් හතර දෙනකු සිටීමය.

මේ වනවිට පොලිසිය සියලූ තොරතුරු සටහන් කරගෙන ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මෞලවිවරයා පවසන්නේ ඉස්ලාමීය දේශයක් ගොඩනැඟීම සඳහා යුද වැදීම වුවද සාධාරණ වන අතර දැන් ආරම්භ වී ඇත්තේ එම පසුබිම බවයි.

දිනසේන රතුගමගේ

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

karate250

දියග

jef250

මීවිත

awi250

More Articles