Divaina - මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්න ඉඩදී නිහඬ විය හැක්කේ කාටද? - රාජ්‍ය ඉඩම් අක්කර දහස් ගණන් විදේශීය සමාගම්වලට දෙන්න පාර කපනවා - පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

VIMAL2අක්කර ලක්‍ෂ 12 ක් ස්වදේශිකයාගෙන් උදුරා ගැනෙන, විදුලි කේබලයකින් රට දෙකට බෙදෙන, ස්වදේශික ජනතාව ඇමරිකාවේ අන්තේවාසිකයන් බවට පත් කරන, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවට අස්සන් කිරීමට ඉඩ දී නිහඬ විය හැක්කේ කාටදැයි ප‍්‍රශ්න කරන ජානිපෙ නායක විමල් වීරවංශ මහතා රටට ආදරය කරන සියලූ ජනතාව ඊට එරෙහිව සමගි සම්පන්නව පෙළ ගැසිය යුතු බව අවධාරණය කරයි.
 
 පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවක දී විමල් වීරවංශ මහතා මෙසේ අවධාරණය කළේය.
 
 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.
 
 ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීමේ දී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසුවා, රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට ප‍්‍රධාන හේතුවක් වූයේ ඔහු විසින් කැබිනට් මණ්ඩලයට ගෙනා ස්වදේශිකයාගේ ඉඩම් අයිතිය අහිමි කරන ‘ඉඩම් පනත් කෙටුම්පත් දෙක’ කියා. එ් පනත් කෙටුම්පත් දෙක මා අතේ තිබෙනවා. එකක් රජයේ ඉඩම් බැංකු පනත (State Land Bank Act) අනෙක ඉඩම් (විශේෂ විධිවිධාන* පනත. මේ පනත් දෙක මේ රටේ අනාගතය කෙරෙහි ඉතාමත් තීරණාත්මකව බලපාන පනත් දෙකක්. ඉඩම් (විශේෂ විධිවිධාන* පනතින් කරන්නේ එක පුද්ගලයකුට ඉඩම් අක්කර 50කට වඩා සන්තකයේ තබා ගැනීමට තිබූ නීතිමය බාධාව ඉවත් කිරීම. රාජ්‍ය ඉඩම් බැංකු පනතින් කරන්නේ විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන සඳහා තිබෙන ඉඩම් සියල්ල මේ රාජ්‍ය ඉඩම් බැංකුව යටතට පවරා ගැනීම.
 
 ඉහත පනත් දෙකම එන්නේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ක‍්‍රියාත්මක වන ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ නැමති ආයතනයේ කොළඹ කාර්යාලය සැකසූ මේ විශ්ලේෂණ වාර්තාව අනුවයි. (විශ්ලේෂණ වාර්තාව මාධ්‍යයට පෙන්වයි*. මේ වාර්තාවෙන් කියනවා, ‘ලංකාවේ ඉඩම් වෙළඳපොළ සක‍්‍රිය කළ යුතුයි. ලංකාවේ ඉඩම් අපහසුවකින් තොරව විදේශිකයකුට මිලදී ගැනීමට ඉඩ දිය යුතුයි’ කියා. ඊට අදාළ සියලූ ක‍්‍රියාමාර්ග මේ වාර්තාවේ තිබෙනවා. එදා මෙහෙම ආපු පනත් දෙකට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ විරුද්ධත්වය නිසා කැබිනට් අනුමැතිය ලැබුණේ නැහැ. නමුත් අද කැබිනට් අනුමැතිය අරගෙන මේ පනත් දෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් තිබෙනවා.
 
 ඇමරිකා එක්සත් ජනපදය මුල්වී පිහිටුවාගෙන තිබෙන නේටෝ (NATO) නම් වූ මිලිටරි ව්‍යුහය ගැන අපි දන්නවා. එය රටවලට ආක‍්‍රමණකාරී ලෙස මැදිහත් වීමට සකසා ගත් උපාංගයක්. එ් ආකාරයටම ආර්ථික ස්වරූපයෙන් සකසාගත් උපාංගයක් තමයි ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ආයතනය. වර්තමානයේ දී ඇමරිකා එක්සත් ජනපදය යම් රටක් තම ග‍්‍රහණයට ගැනීම සඳහා කරන්නේ මේ ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ආයතනය එම රට තුළට රිංගවීම. රට රටවල දුප්පත්කම පිටුදැකීම යන සංකල්පය යටතේ රිංගන මේ ආයතනයේ පාලක මණ්ඩලයේ ප‍්‍රධානියා වෙන කිසිවකුත් නොවෙයි ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයායි. 2016 දී තමයි මේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය ශ්‍රී ලංකාවට රිංගලා තම වැඩසටහන ආරම්භ කළේ. ඔවුන් ශ්‍රී ලංකාව තුළ තම කාර්යාලය ලෙස පාවිච්චි කරන්නේ අරලියගහ මන්දිරයයි.
 
 2015 දී බලයට ආපු මේ පරගැති ආණ්ඩුව මුලින්ම කළේ කුමක්ද? විදේශිකයකුට මේ රටේ ඉඩම්, දේපළ මිලදී ගැනීමට තිබූ බාධාව ඉවත් කිරීම. පසුගිය ආණ්ඩුව විදේශිකයකු තට්ටු නිවාස සංකීර්ණයක නිවසක් මිලදී ගැනීමේදී පනවා තිබූ 100%ක බද්ද මේ මුලින්ම ඉවත් කළා. ඊට පසුව විදේශ විනිමය පනත සංශෝධනය කළා. එමගින් මහ බැංකුවට නොදන්වා රට තුළට විදේශ විනිමය රැුගෙන එ්මටත් ආපසු රැුගෙන යාමටත් හැකියාව ලැබුණා. එ් විදියට කළු සල්ලි රට තුළට ගෙන එ්මට ඉඩ හැදුවා. අද ශ්‍රී ලංකාව ලෝකයේ කළු සල්ලි සුදු කරන ප‍්‍රධානතම රටවල් 12 න් එකක්. එසේ ‘බ්ලැක් ලිස්ට්’ කළ ලෝකයේ රටවල් 12 අතර ශ්‍රී ලංකාවත් ඉන්නවා. පළමුව එවැනි තත්ත්වයක් හදලා තමයි, දෙවනුව මේ නව ඉඩම් පනත් දෙක ගෙන එන්නේ. මේ සියල්ලම එකම මෙහෙයුමකට අයත් පියවර බව අප වටහාගත යුතුයි. එවිටයි සම්පූර්ණ චිත‍්‍රය වටහා ගත හැක්කේ.
 
 ඉඩම් (විශේෂ විධිවිධාන* පනතින් සිදු සිදුකරන්නේ අක්කර 50 ක තනි පුද්ගල ඉඩම් අයිතිය පිළිබඳ සීමාව ඉවත් කිරීම. එවිට ඉහත කී ආකාරයට සින්නක්කරව ඉඩම් මිලදී ගතහැකි විදේශිකයකුට අක්කර පනහ ඉක්මවා අක්කර දහස් ගණනින් පවා මෙරට ඉඩම් මිලදී ගැනීමට හැකි වෙනවා. එ් වගේම රාජ්‍ය ඉඩම් බැංකු පනතින් එ්කරාශී කළ රාජ්‍ය ඉඩම් අදාළ රාජ්‍ය ආයතනයෙන් කෙලින්ම මිලදීගත හැකියි. උදාහරණයක් ලෙස ඉදිරියේදී රාජ්‍ය ඉඩම් බැංකුව යටතේ තිබෙන අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් ඉඩමක් අධ්‍යාපන අමාත්‍යවරයා හරහා විදේශ සමාගමකට ලබා ගන්න පුළුවන්. රාජ්‍ය ආයතනවල ඉඩම් අයිතිය සම්බන්ධයෙන් කවර නීති තිබුණත් මේ රාජ්‍ය ඉඩම් බැංකු පනතින් ලැබෙන බලයට එ්වා යටයි. ඉදිරියේදී මේ නීති දෙක මගින් රාජ්‍ය ඉඩම් අක්කර දහස් ගණනින් විදේශීය සමාගම් ලබා ගනීවි.
 
 මෙම මාධ්‍ය හමුවට කොළඹ මහ නගර සභා මන්ත‍්‍රී සමන්ත නෙළුම්දෙණිය, මුල්ලේරියාව කොටිකාවත්ත ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී හේමසිරි අමරසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles