Divaina - ආර්ථික පරිහානියට ප‍්‍රධාන හේතුව පාලනයකින් තොර විවෘත ආර්ථිකයයි - ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

p13 1- ‘‘බදුලූ එළිය’’  -

මෙරට අද උද්ගතව ඇති ආර්ථික පරිහාණියට ප‍්‍රධාන හේතුවක් වූයේ විවෘත ආර්ථිකය පාලනයකින් තොරව ක‍්‍රියාත්මක වීම බවත් වෙනත් රටවල විවෘත ආර්ථිකය ක‍්‍රියාත්මක වුණේ තම රටට අවශ්‍ය ලෙස යම් යම් සීමාවන් තුළ වන අතර අපේ රට ගොඩනැංවීමට නම් දේශීය කර්මාන්ත, කෘෂිකර්මාන්තය සහ දේශීය ව්‍යවසායකයන් රැුකගත යුතු බවත් හිටපු ආරක්ෂක අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ මහතා බදුල්ලේදී පැවසීය.

රාජපක්ෂ මහතා මෙසේ ස`දහන් කළේ පසුගියදා (17 දා* සවස බදුල්ල තැපැල් සංකීර්ණ ශ‍්‍රවණාගාරයේදී පැවැති එළිය වැඩසටහනේ ප‍්‍රධාන අමුත්තා ලෙස එක්වෙමින් සිය දේශනය සිදුකරමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.

ඔබ සියලූ දෙනා දන්නවා අද අපි සැමටම තිබෙන අභියෝගයක් වන්නේ ඉදිරියේදී මේ රටේ ආර්ථිකය ගොඩනඟන්නේ කෙසේද කියන එකයි. 2005 දී මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ රට භාරදෙන අවස්ථාවේ ඊටත් වඩා ලොකු අභියෝගයක් භාරදුන්නා. ඒ අනුව මේ රටේ අවුරුදු තිහක් පැවතුණු ත‍්‍රස්තවාදී යුද්ධය අපි අවුරුදු තුනකින් අවසන් කළා. අපට ඊළඟට මුහුණ දෙන්නට සිදුවී තිබෙන්නේත් ඒ වගේම අභියෝගයකටයි.

රටට නිසි නායකත්වයක් තිබේනම් නිවැරදි තීරණ ගැනීමේ හැකියාව ඇති නායකත්වයක් තිබේනම් සැළසුම් ක‍්‍රියාත්මක කිරීමේ හැකියාවක් සහිත නායකත්වයක් තිබේනම් ඕනෑම අභියෝගයක් ජයගන්න අපට පු`ථවන්. අද සියලූ දෙනාගේ අවශ්‍යතාවය වී තිබෙන්නේ ජීවත්වීමේ හැකියාවයි. සිංහල, දෙමළ, මුස්ලිම් මේ හැම දෙනාටම මේ රටේ ගෞරවණීය ලෙස ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනෑ. ඒ හැමෝටම ජීවත් වෙන්න පුළුවන් ආදායමක් තියෙන්න ඕනෑ. එදා අපි මේ රටේ මාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් දියුණු කළේ මේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට ගන්නයි. බස්නාහිර පළාතට පමණක් සීමා නොවී බස්නාහිර පළාතෙන් පිටට ගිහින් ඒ පහසුකම් දියුණු කළේ ඒ නිසයි.

p13 2අපේ ජනතාවට රැුකියාවක් කරලා, ව්‍යාපාරයක් හෝ ගොවිතැනක් කරලා ආදායමක් හොයාගන්න හැකියාවක් තියෙන්න ඕනෑ. මේ අවස්ථාව ඔවුනට ලබාදීම රජයේ යුතුකමක්. ඔවුන් දරිද්‍රතාවයෙන් පහළට වැටෙන්නේ රැුකියාවක් කරන්න නිපුණතාවයක් නැති නිසයි. ඒ නිසා ඔවුනට රැකියාවක් කරන්න අධ්‍යාපනයක් නිපුණතාවයක් ලබාදිය යුතුයි. එසේ නොමැති නිසයි අද තරුණ තරුණියන් අතරමංවී සිටින්නේ.

මේ රටේ ආර්ථික පරිහාණියට හේතු කීපයක් තිබෙනවා. දේශීය කර්මාන්තකරුවා, ගොවි ජනතාව අපහසුතාවයට පත්වුණේ විවෘත ආර්ථිකය පාලනයකින් තොරව ක‍්‍රියාත්මක වීම නිසයි. වෙනත් රටවල විවෘත ආර්ථිකය ක‍්‍රියාත්මක වුණේ තම රටට අවශ්‍ය ලෙස යම් යම් සීමාවන් තුළයි. එදා අපේ රට කර්මාන්ත අතින් දියුණු රටක් නොවුණත් තිබුණු දේශීය කර්මාන්ත පවා විනාශ වුණේ විවෘත ආර්ථිකය තුළින් සියලූ දේ මේ රටට පිටින් ගෙන්වීම නිසයි. මේ නිසා දේශීය නිෂ්පාදන ආර්ථිකය බිඳවැටුණා වගේම විශාල රැුකියා ප‍්‍රමාණයක් අහිමි වුණා.

කෘෂි කර්මාන්තයටත් අද පොහොර සහනාධාරය ලැබුණත් පාලනයකින් තොරව සියලූ දේ රටින් ගෙන්වන නිසා ගැටලූ ඇතිවුණා. ගම්මිරිස් පිටරටින් ගෙන්වා ප‍්‍රති අපනයනය කිරීමෙන් ගැටලූ ඇතිවුණේ ඒ තත්ත්වය නිසයි. ඒ තත්ත්වය තුළ ගොවීන්ට ප‍්‍රශ්න රැසක් තිබෙනවා.

අපේ රටේ උගත් ශ‍්‍රම බළකායක් සිටිනවා. ඔවුන් වෙනුවෙන් මේ තාක්ෂණය මුල්කොටගත් රැුකියා බිහිකරන්න පුළුවන්.

අපේ දේශීය ව්‍යවසායකයින්ට මේ රටේ කර්මාන්ත කරන්න හැකියාව තිබෙනවා නම් ඇයි අපි ඒ අවස්ථාව පිටරැුටියන්ට ලබාදෙන්නේ. විදේශික ආයෝජකයින්ට ඒ අවස්ථාව දෙනවා නම් අපට විදේශ විනිමය ලැබෙන්න ඕන. රැුකියා අවස්ථා ලබාදෙන්න ඕන. ඒ තාක්ෂණය අපට ලබා දෙන්න ඕන. ඇමෙරිකාව වගේ වෙනත් රටවල් තම රටේ ව්‍යවසායකයන් ආරක්ෂා කරන්න පිටරටින් එන බඩුවලට විශාල බද්දක් අයකරනවා. ඇයි අපි ඒ වගේ අපේ ව්‍යවසායකයන් දේශීය කර්මාන්තකරුවන් කෘෂිකාර්මික ගොවීන් ආරක්ෂා කරන්න කටයුතු නොකරන්නේ?.

අපේ රට දක්ෂ උගතුන් බුද්ධිමතුන් විශාල පිරිසක් බිහිකර තිබෙනවා. පහුගිය යුද්ධය අවසන් වුණාට පසුව ඒ අය බොහෝ දෙනෙක් ලංකාවට ආවා. අද පිටරටවල ඉන්න අපේ දක්ෂ උගතුන් බුද්ධිමතුන් විශාල පිරිසක් ඔවුන්ගේ දැනුමෙන් හැකියාවෙන් වැඩ ගත හැකි වැඩ පිළිවෙලක් තිබෙනවා නම් ආපහු ලංකාවට එන්න සූදානම්. විවිධ දේශපාලන බලපෑම් නිසා අපේ රාජ්‍ය අංශය දුර්වලවෙලා. ඒ නිසා අපි අපේ රාජ්‍ය අංශය ශක්තිමත් කරන අතර පෞද්ගලික අංශයත් දිරිගන්වන්න ඕනෑ. ඒ හරහා වැඩි රැුකියා අවස්ථා ප‍්‍රමාණයක් බිහිකරන්න පුළුවන්. එතුළින් තමයි අපට සෑම ජනතාවකගේම ජීවන තත්ත්වය උසස් කරලන්න පුළුවන් වෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී තේනුක විදානගමගේ, නීතීඥ රාසික් සරූක්, ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී මාධවී හේරත්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීන්ද මෙහිදී අදහස් දැක්වූ අතර ප‍්‍රදේශයේ මහා සංඝරත්නය හා ඌව පළාත් සභා මැති ඇමැතිවරුන් ඇතුළු විශාල ජනතාවක් එම අවස්ථාවට සහභාගී වූහ.

සටහන හා ඡුායාරූප - බෝගොඩ රත්නායක සහ දෙමෝදර- චන්දන කුරුප්පුආරච්චි

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles