Divaina - මාකෙහෙල්වල මාරක අනතුර; අම්මයි තාත්තයි ආච්චියි මරුට ; දරුවො තිදෙනා රෝහලේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new



සුජීව තත්සර සහ පොල්ගහවෙල - අනිල් සුදුසිංහ

acc333පොල්ගහවෙල රඹුක්‌කන මාකෙහෙල්වල ප්‍රදේශයේදී ඊයේ (15 වැනිදා) උදෑසන සිදුවූ මාරක රිය අනතුරකින් එකම පවුලේ මව පියා සහ මිත්තණිය මියගොස්‌ එම මවුපියන්ගේ දරුවන් තිදෙනා තුවාල ලබා රෝහල්ගත කර ඇත.

කුරුණෑගල සිට අඹේපුස්‌ස දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක්‌ සහ අඹේපුස්‌ස දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ නාවික හමුදා නිලධාරීන් රැගත් වෑන් රථයක්‌ මාකෙහෙල්වලදී මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

අනතුරින් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථය පැද වූ වසන්ත කුමාර (44) පියා, පද්මිණි කුමාරි (39) මව සහ ආච්චි අම්මා වන එල්. ආර්. සුමනාවතී (70) යන තිදෙනාය.

අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනා වන සුපුන් බුද්ධික (16), දිනුක සත්සර (09) සහ යමාෂා මිගාරි (04) සහ වෑන් රථය පැදවූ රියෑදුරු ද සුළු තුවාල සහිතව පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර ඇත.

ත්‍රිරෝද රථයේ රියෑදුරුට නින්ද යැම නිසා මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

අනතුරින් මියගිය තිදෙනාගේ මෘත ශරීර පොල්ගහවෙල රෝහලේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles