Divaina - පාතාල බුම්මාගේ මත් - අවි ගබඩාව එස්‌ටීඑෆ් වටලයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

සමන් ගමගේ

avi555
කොළඹ පාතාලයේ දරුණු ගනයේ අපරාධකරුවකු බව කියන කෙනඩි හෙවත් බුම්මාට අයත් ජා ඇල වැලිගම්පිටියේ පිහිටි මත්ද්‍රව්‍ය සහ අවි ගබඩාව ඊයේ (15 දා) සවස වැටලූ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය එහි තිබී රුපියල් කෝටි 30 කට ආසන්න වටිනාකමකින්a යුත් මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ තොගයක්‌ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය ගබඩාව පවත්වාගෙන ගිය පාතාල නායක කෙනඩිගේ ප්‍රධාන පෙළේ ගෝලයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

එම අවි ගබඩාවේ තිබී මයික්‍රො පිස්‌තෝල දෙකක්‌, මිලි මීටර් 9 වර්ගයේ පිස්‌තෝල 4 ක්‌ සහ විවිධ වර්ගයේ ගිනි අවි සඳහා යොදා ගන්නා උණ්‌ඩ 300 කට අධික ප්‍රමාණයක්‌ ද විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන ඇත.

මෙහි තිබී සොයාගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 17 ක්‌, කොකේන් කිලෝග්‍රෑම් 1 ක්‌ , අයිස්‌ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 1/2 ක්‌ හෑෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක්‌ තිබූ බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මේ අතර කෙනඩිගේ නියෝග මත කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදු කළ මිනිස්‌ ඝාතන සඳහා යොදාගත් සුඛෝපභෝගී මෝටර් රථයක්‌ ද මෙහිදී සොයාගෙන ඇත.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදු වූ මිනිස්‌ ඝාතන රැසක්‌ මෙම පාතාල සාමාජිකයන් දෙදෙනා විසින් ක්‍රියාත්මක කර තිබූ බව ද විමර්ශනවලින් හෙළි වී ඇත.

මීට මාස කිහිපයකට උඩදී වත්තල හේකිත්ත ප්‍රදේශයේ මෝටර් රථයක යමින් සිටි තරුණයන් දෙදෙනකු පසුපස තවත් මෝටර් රථයකින් පන්නා ගෙන ගොස්‌ වෙඩි තබා ඝාතනය කර තිබුණේ ද මෙම පාතාල සාමාජිකයන් දෙදෙනා විසින් බව හෙළි වී ඇත.

මීට සති කිහිපයකට උඩදී පිටකොටුව ප්‍රදේශයේ අසංක නමැති තරුණයකු වෙඩි තබා ඝාතනය කර තිබුණේ ද මෙම පාතාල සාමාජිකයන් දෙදෙනා විසින් බව හෙළි වී ඇත.

කොටහේන ජම්පටා වීදියේ 'සෙල්ලී' නමැති පාතාල නායිකාවගේ කල්ලිය සමඟ කාලයක්‌ තිස්‌සේ කෙනඩිගේ පාතාල කල්ලිය ගැටුම් ඇති කරගෙන තිබූ අතර මේ වනවිට ඔවුන් දෙපාර්ශ්වයේම පුද්ගලයන් 50 කට ආසන්න ප්‍රමාණයක්‌ ඝාතනය වී ඇති බව පොලිසිය පවසයි.

ජාඇල වැලිගම්පිටිය ප්‍රදේශයේ කුලියට ලබාගත් එම නිවසේ කාලයක්‌ තිස්‌සේ රැඳී සිටින කෙනඩිගේ පාතාල කල්ලිය මිනී මැරුම්, කප්පම් ලබා ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ආදී විවිධ අපරාධවල නිරතව සිට ඇති බව විශේෂ කාර්ය බළකාය පවසයි.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එම්. ආර්. ලතීµa මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බළකාය විමර්ශන පවත්වයි.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles