Divaina - සද්ද දදා වාහන පැද්ද රියෑදුරන් 7906කට නඩු

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new


 
 සුජීව තත්සර
 
 nalaඅධික ශබ්ද නිකුත් කරන නළා හඬවමින් සහ විවිධ ආලෝක සංඥ නිකුත් කරමින් මහජනතාවට හිරිහැර වන අන්දමට රිය ධාවනය කරන රියෑදුරන් සොයා ඉකුත් දින දෙක තුළදී දිවයින පුරා කළ මෙහෙයුමකදී රියෑදුරන් 7906 කට එරෙහිව නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන ඇත.
 
 රියෑදුරන් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම දීප ව්‍යාප්ත මෙහෙයුම ක්‍රියාත්මක කළ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
 ඉකුත් 08 වැනිදා සිදුකළ මෙහෙයුම්වලදී රියෑදුරන් 3511 කට විරුද්ධව නඩු පැවරීමට පොලිසිය කටයුතු කර ඇති අතර ඉකු=ත් මස 14 වැනිදා සිදුකළ වැටලීම්වලදී රියෑදුරන් 4395 කට එරෙහිව නඩු ගොනු කිරීමට ද පියවර ගෙන තිබිණි.
 
 මේ අතර මොනරාගල පොලිස්‌ බල ප්‍රදේශයේ වසම් 18 ක පෙරේදා (14 දා) මධ්‍යම රාත්‍රියේ සිට ඊයේ (15 දා) අලුයම දක්‌වා සිදුකළ විශේෂ මෙහෙයුමකදී අධික ශබ්ද සහ ආලෝක සංඥ නිකුත් කරමින් රිය ධාවනය කළ රියෑදුරන් 148 කට එරෙහිව නඩු පැවරීමට ක්‍රියා කළ බව ද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
 
 ඉදිරියේදී ද මෙවැනි අයුරින් මහජනතාවට හිරිහැර වන ලෙස රිය ධාවනය කරන රියෑදුරන් සොයා මෙහෙයුම් දියත් කරන බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles