Divaina - මන්ත්‍රීලාගේ මත්ද්‍රව්‍ය භාවිතය සොයන්න පාර්ලිමේන්තුවේ වෛද්‍ය සායනයක්‌ තියන්න;

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new


 
 අයවැය අන්තිම දවස වැඩේට හොඳයි
 
 රන්ජන්ගෙන් කථානායකට ලිපියක්‌
 
 සුජීව තත්සර
 
 ranjansd135පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා අයවැය විවාදයේ අවසන් දිනයේ පාර්ලිමේන්තුවට පැමිණෙන නිසා එදින පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්‌ථානයේදී මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ පරීක්‍ෂණයක්‌ සඳහා පෙනීසිටීමට මන්ත්‍රීවරුන්ට පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා කථානායක කරු ජයසූරිය මහතාගෙන් පසුගියදා (13දා) ලිතව ඉල්ලීමක්‌ කර ඇත.
 
 අයවැය විවාදයේ අවසන් දිනය වන ලබන අප්‍රේල් මස 05 දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන් විෂ මත්ද්‍රව්‍ය භාවිත නොකරන බව තහවුරු කිරීමට අවස්‌ථාව ලබා දෙන මෙන් රාජ්‍ය ඇමැතිවරයා මෙම ලිපිය මගින් ඉල්ලීමක්‌ කර තිබේ.
 
 එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය.
 
 මෑත කාලයේ මහත් ආන්දොaලනයකට තුඩුදුන්, දේශපාලනඥයන් හා මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳ කතිකාවේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරද මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සිටින බවට ම'විසින් කළ ප්‍රකාශය පිළිබඳව මන්ත්‍රීවරුන් සමහරක්‌ විරෝධය ප්‍රකාශ කළ පසුබිමක, මා මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර බව වෛද්‍ය පරීක්‍ෂණයකින් තහවුරු කොට දැක්‌වීම අනුගමනය කරමින් බුද්ධික පතිරණ රාජ්‍ය ඇමැතිතුමා අදාළ පරීක්‍ෂණයට පෙනී සිට තමන් ද කිසිදු මත්ද්‍රව්‍යයක්‌ භාවිත නොකරන බවට තහවුරු කිරීමත්, සජිත් ප්‍රේමදාස ඇමැතිතුමන්, අතුරලියේ රතන හිමියන් සහ සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීතුමන් එම පරීක්‍ෂණයට පෙනී සිටීමට එකඟ බව ප්‍රකාශ කිරීමත් අගය කළ යුතුය.
 
 මහජන නියෝජිතයන් මනා සිහි බුද්ධියෙන් පාලන කටයුතු කිරීමට නම් ඔවුන් විෂ මතින් තොරවිය යුතුය යන මහජන අදහසට ගරු කරන මන්ත්‍රීවරුන් තවත් බොහොමයක්‌ මෙහිදී තමන් මත්ද්‍රව්‍ය භාවිත නොකරන බව තහවුරු කිරීමේ අපේක්‌ෂාවෙන් පසුවන බව ද මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් නිවැරදිව හඳුනාගෙන තරාතිරම නොබලා ඔවුන් පුනරුත්ථාපනය කළ යුතු යෑයි විපක්‌ෂ නායක මහින්ද රාජපක්‌ෂ මහතා ඇතුළු බහුතර මන්ත්‍රීවරුන් විශ්වාස කරන බව ද ඔබතුමා වෙත දක්‌වනු කැමැත්තෙමි. මහජන අභිලාෂයන් මුදුන් පැමිණවීමට පාර්ලිමේන්තුවේ විශිෂ්ට කාර්යභාරයක්‌ ඉටුකරන මන්ත්‍රීවරුන් වෙත මහජනතාව තබා ඇති විශ්වාසය මෙම කරුණට අදාළව ද නැවත වරක්‌ තහවුරු කර ගැනීමට අවස්‌ථාවක්‌ ලබාදීමට කථානායකවරයා ලෙස ඔබතුමා මැදිහත් වන්නේ නම් එය මන්ත්‍රීවරුන් සැමදෙනා වෙතම ලබාදෙන අනුග්‍රහයක්‌ වනු ඇත.
 
 2019 අයවැය විවාදයේ අවසන් දිනය වන 2019.04.05 වන දින සෑම මන්ත්‍රීවරයකුම පාර්ලිමේන්තුවට පැමිණෙන බැවින් එදින පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්‌ථානයේදී මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ පරීක්‍ෂණය සඳහා පෙනී සිටීමට පහසුකම් සලසන ලෙස ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලමි.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles