Divaina - ශ්‍රී ලංකාවේ දිනකට පිළිකා රෝගීහු 76ක්‌ සොයා ගැනෙති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

 ඒමන්ති මාරඹේ
 
cancerr135 ශ්‍රී ලංකාවෙන් දිනකට අලුතින් පිළිකාවන්ට ගොදුරුවූවන් 76 දෙනකු පමණ සොයාගන්නා බව ශ්‍රී ලංකා පිළිකා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය පවසයි මේ අනුව පසුගිය වසර (2018) තුළදී ශ්‍රී ලංකාවෙන් පිළිකා රෝගයට ගොදුරු වූවන් 28,000 ක්‌ පමණ සොයාගෙන තිබේ.
 
 පිළිකාවන්ට හේතුකාරක වන හේතු සාධක නිරතුරුව වැඩි වන තත්ත්වයක්‌ නිර්මාණය වී ඇති අතර පිළිකාකාරක ඇස්‌බැස්‌ටස්‌ සහිත ඇතැම් පියර වර්ග, ග්ලයිෙµdසෙට්‌ යන සාධක ඒ අතරට එක්‌ව ඇතැයි විදෙස්‌ පර්යේෂණවලදී අනාවරණය වී ඇතැයි එම විද්‍යාලයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර මහතා පවසයි.
 
 සිරුරෙහි ඇති වන අසාමාන්‍ය සෛල වර්ධනයක්‌ මත හටගන්නා පිළිකාවන් මුල් අවස්‌ථාවේදී හඳුනාගැනීමෙන් ඒවා සුව කිරීමේ හැකියාව වැඩි බවත් මුඛ පිළිකා සහ පියයුරු පිළිකාවන්ට ගොදුරුවන්නන් වැඩි වෙමින් පැවතීම නිසා ඒ පිළිබඳව ජනතාවගේ වැඩි අවධානය යොමු විය යුතු බවත් ඔහු කීවේය.
 
 මෙරට පිළිකා තත්ත්වය පිළිබඳව තොරතුරු හෙළිදරව් කිරීම සඳහා ඊයේ (15 දා) කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවක්‌ අමතමින් වෛද්‍ය ජයසේකර මෙම කරුණු අනාවරණය කළේය.
 
 මෙහිදී අදහස්‌ දැක්‌වූ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය නුරාඩ් ජෝaෂප් මහතා ඇතැම් වෛද්‍යවරුන් බුලත් විටක්‌ සෑම අංගයක්‌ම පිළිකා කාරක ද්‍රව්‍ය යෑයි නම් කළ ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකාකාරක වශයෙන් හඳුනාගෙන ඇති ද්‍රව්‍ය 120 අතර බුලත් කොළ හා හුණු නොමැති බවත් ඇත්තේ දුම්කොළ හා පුවක්‌ පමණක්‌ බවත් කීවේය. කෙසේ වුව ද හුණුq නිතර බුලත් විට සමඟ සැපීමෙන් මුඛය තුළ තුවාල ඇතිවන බවත් එය පිළිකාවන්ට ගොදුරු වීමට මඟ හදන බවත් වෛද්‍ය ජෝෂප් කීවේය.
 
 මෙරට සිදුවන මරණවලට හේතුවන දෙවැනි ප්‍රධාන සාධකය පිළිකාවන් බවට පත්ව ඇති අතර පිළිකාවන් පැතිරීම වැළැක්‌වීම සඳහා ජනතාවගේ වැරැදි ජීවන රටාවන් වෙනස්‌ කිරීමට පෙළ ගැසිය යුතු කාලය එළඹ ඇතැයි හෙතෙම අවධාරණය කළේය.
 
 මෙහිදී අදහස්‌ දැක්‌වූ විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා කියා සිටියේ පිළිකාවන් මැඬලීම සඳහා දේශීය වෛද්‍ය ක්‍රමයන් ද යොදා ගැනීමේ හැකියාව පිළිබඳව දේශීය වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා පවත්වන බවයි.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles