Divaina - කාබන් බද්ද අයින් කරනවා කියා අජිත් පී. පෙරේරා මාධ්‍ය සංදර්ශනයක්‌ දැම්මා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

 අනුරාධ හිරිපිටියගේ
 
 chanaka135අයවැයෙන් කාබන් බද්ද ඉවත් කිරීමට යෝජනා කරනවා යෑයි කියමින් අජිත් පී. පෙරේරා ඇමැතිවරයා බොරු මාධ්‍ය සංදර්ශනයක්‌ පැවැත්වූයේ යෑයි හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා 'දිවයින'ට ඊයේ (15 දා) පැවසීය.
 
 කාබන් බද්ද ඉවත් කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතාට යෝජනා කරන බවට පාර්ලිමේන්තුවේදී අජිත් පී. පෙරේරා ඇමැතිවරයා පැවසුවත් එය අද පුස්‌සක්‌ වී ඇතැයි ද ඔහු කීවේය.
 
 අජිත් පී. පෙරේරා මහතා නොව කවුරුන් යෝජනා කළත් මංගල සමරවීර ඇමැතිවරයා බදු අඩු කරන කෙනකු නොවන බවත් පැවසූ ඩී. වී. චානක මන්ත්‍රීවරයා මේ වනවිට ශ්‍රී ලංකාවේ බදු ආදායම ට්‍රිලියන දෙකකින් වැඩි වී ඇතැයි ද කීවේය.
 
 වත්මන් රජය බලයට පැමිණියේ බයිසිකලයේ යන අයට පුංචි කාර් ගත හැකි ආර්ථිකයක්‌ නිර්මාණය කරන බවට පොරොන්දු දී යෑයි පැවසූ මන්ත්‍රීවරයා නමුත් අද ජනතාව පාපැදියක්‌වත් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයට බදුවලින් හෙම්බත් වී ඇතැයි ද කීවේය.
 
 මේවාට ප්‍රතිචාර දැක්‌වීමට මැතිවරණයක්‌ පැමිණෙන තුරු ජනතාව බලා සිටින්නේ යෑයි ද ඩී. වී. චානක මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles