Divaina - නඩුවට ගොස් ගෙදර යද්දී පසුපසින් පන්නා මොරටුවේදී වෙඩි තබා 2ක් මරති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා සහා පින්සිරි ආරියරත්න

placeමොරටුව අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුවකට ඉදිරිපත්වූ පිරිසක් ති‍්‍රරෝද රථයකින් නිවෙස් බලා යමින් සිටියදී තවත් ති‍්‍රරෝද රියකින් සහ මෝටර් රථයකින් පන්නාගෙන ආ සන්නද්ධ පිරිසක් විසින් මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ දී ඊයේ (14 දා* උදෑසන 10.30 ට පමණ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු ඝාතනයට ලක්ව ඇත.


 මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයකු බරපතළ ලෙස තුවාල ලබා ඇත. මොරටුව මෝල්පේ ප‍්‍රදේශයේ පදිංචි දෙපිරිසක් අතර කාලයක් තිස්සේ පවතින ආරවුලක් මෙම ප‍්‍රහාරයට හේතුව වී ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.
 
 මෙම ප‍්‍රහාරයෙන් ඝාතනයට ලක්ව ඇත්තේ මොරටුව, මෝල්පේ පදිංචි දමින්ද ඉරෝෂන් නොහොත් ආමි මංජු (46* සහ මින්තක සඳරුවන් නමැති විසි හැවිරිදි තරුණයෙකි.
 
 බරපතළ තුවාල ලබා ඇත්තේ ඝාතනයට ලක්වූ ආමි මංජුගේ පුත‍්‍රයාය. ප‍්‍රහාරය එල්ලවන අවස්ථාවේදී ආමි මංජුගේ බිරිඳ ද ති‍්‍රරෝද රථයේ ගමන් කරමින් සිට ඇති අතර ඇයට කිසිදු අනතුරක් සිදුව නැත.
 
 මීට මාස හතරකට පමණ පෙර මොරටුව මෝල්පේ ප‍්‍රදේශයේ පදිංචි ‘‘ෂම්මි’’ නමැති පුද්ගලයකු කපා කොටා බරපතළ තුවාල සිදුකර තිබිණි. මෙම ප‍්‍රහාරය එල්ල කර තිබුණේ ඊයේ ඝාතනයට ලක්වූ ආමි මංජු ඇතුළු තිදෙනකු බවට චෝදනා එල්ල වී ඇත. කාලයක් තිස්සේ පැවැති ආරවුලක් මෙම සිදුවීමට හේතුව වී තිබූ බව පොලිසිය පවසයි.
 
 මෙම සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට පත්වූ ආමි මංජු නමැත්තා මාස කීපයක් තිස්සේ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි අතර ඇප මත මුදාහැරීමෙන් පසු ඔහු යළි මොරටුවට පැමිණ ඇත්තේ මීට ටික කලකට පෙරය. එම සිද්ධියට අදාළ නඩුව මොරටුව අධිකරණයේ ඊයේ විභාගයට ගත් අතර ආමි මංජු ඇතුළු පිරිස ඊට පෙනී සිටියහ.
 
 අධිකරණයේ නඩු විභාගයට ඉදිරිපත්වූ ආමි මංජු ඇතුළු පිරිස පසුව නිවස බලා යමින් සිටියදී ති‍්‍රරෝද රථයකින් සහ මෝටර් රථයකින් පන්නාගෙන ආ ෂම්මි නමැත්තා ඇතුළු පිරිසක් රිපීටර් වර්ගයේ ගිනි අවියකින් මෙම ප‍්‍රහාරය එල්ල කර පළාගොස් ඇති බව මූලික පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත.
 
 මෙම ප‍්‍රහාරය සඳහා රිපීටර් වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවද පොලිසිය පවසයි.
 
 බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහ, ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් විජේසිංහ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මොරටුමුල්ල සහකාර පොලිස් අධිකාරි චමින්ද ධර්මරත්න මහතාගේ මෙහෙයවීමෙන් මොරටුමුල්ල පොලිස් ස්ථානාධිපති සංජීව සෙනෙවිරත්න මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles