Divaina - මානව හිමිකම් මුවාවෙන් රටට අහිතකර යෝජනා සම්මත කර ගන්න හදනවා - මහින්ද රාජපක්‍ෂ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new


 
 අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 
mahindra134මානව හිමිකම් සම්බන්ධයෙන් ආණ්ඩුව 2015 දී ශී‍්‍ර ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනාවට අනුව මෙරට ස්වාධිපත්‍යය ජාතික ආරක්‍ෂාව හා සන්නද්ධ හමුදාවන්ගේ පැවැත්මට අගතිදායක නීති කීපයක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට කි‍්‍රයා කරමින් සිටින බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (14 දා* පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.


 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හතළිස් වැනි සැසිවාරයේදී ශී‍්‍ර ලංකාව සම්බන්ධව සම්මත කර ගැනීමට සැලසුම් කර ඇති නව යෝජනාව පිළිබඳ විශේෂ ප‍්‍රකාශයක් කළ මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද කීය.
 
 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය 2019 පෙබරවාරි 25 දින සිට මාර්තු 22 දින දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වේ. මෙම සැසිවාරයේදී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්තුමිය ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව සාකච්ඡුාවට ගැනීමට නියමිතය. එකී වාර්තාව අනුව ශී‍්‍ර ලංකා රජය, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ඇතුළු එක්සත් ජාතීන් :ඹභ* සමග නිරන්තර සහයෝගයෙන් කටයුතු කර ඇත.
 
 2015 වසරේ තමන් ද පාර්ශ්වකරු වෙමින් වත්මන් ආණ්ඩුව තමන් විසින්ම ශී‍්‍ර ලංකාවට එරෙහිව මානව හිමිකම් සම්බන්ධ යෝජනාවක් සම්මත කර ගනු ලැබීය. එකී යෝජනාවට අනුව, මානව හිමිකම් මුවාවෙන් ශී‍්‍ර‍්‍ර ලංකාවේ ස්වාධිපත්‍යය හා ජාතික ආරක්‍ෂාවත්, ශී‍්‍ර ලාංකික පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් වලටත්, ශී‍්‍ර ලාංකික සන්නද්ධ හමුදාවේ පැවැත්මටත් බෙහෙවින්ම අගතිදායක තවත් නීති කිහිපයක්ම ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට කි‍්‍රයාකරමින් සිටියි.
 
 මෙවන් පසුබිමක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්තුමිය 40 වැනි මානව හිමිකම් සැසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත කෙටුම්පත් වාර්තාවේ මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා දෙමුහුන් අධිකරණයක් ශී‍්‍ර ලංකාව තුළ පිහිටුවිය යුතු බවටත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නිල කාර්යාලයක් ශී‍්‍ර ලංකාව තුළ ස්ථාපිත කිරීමටත්, ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් පිළිබඳ මාතෘකාව මානව හිමිකම් කවුන්සිලයේ න්‍යාය පත‍්‍රයේ දිගටම පැවැතිය යුතු බවටත් යෝජනා කර ඇති බවට මාධ්‍ය වාර්තා පළවේ.
 
 මෙම යෝජනාව සම්බන්ධව ජනාධිපතිවරයාගේ ස්ථාවරයත්, අගමැති ප‍්‍රමුඛ ආණ්ඩුවේ ස්ථාවරයත් පරස්පර බව පෙනී යයි. විදේශ තානාපති සේවාවේ අත්දැකීම් බහුල නිලධාරීන්ගේ උපදෙස්වලට පටහැනිව 2015 දී ශී‍්‍ර ලංකාවේ සම අනුග‍්‍රාහකත්වය මත ගෙන එන ලද යෝජනාව සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ පටු දේශපාලන පරමාර්ථ පැහැදිලි වේ.
 
 ශී‍්‍ර ලංකාව සම පාර්ශ්වකරුවන් වෙමින් ඉදිරිපත් කෙරෙන වර්තමාන යෝජනාව මගින් සිදු වන්නේ දරුස්මාන් වාර්තාව ඇතුළු සාවද්‍ය තොරතුරු පදනම්ව 2015 වසරේ ඉදිරිපත් කළ 30/1 යෝජනාව තවදුරටත් ඉදිරියට ගෙන යෑමකි.
 
 මානව හිමිකම් කවුන්සිලය දේශපාලනීකරණයට ලක්වී ඇති බව පවසමින් මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදය ද ඉන් ඉවත්වී ඇත. බි‍්‍රතාන්‍යයේ නේස්බි සාමිවරයා විසින් හෙළි කරන ලද සත්‍ය තොරතුරු හා නිරීක්‍ෂණ ද සැලකිල්ලට ගෙන රජය ඉහත කී යෝජනාවෙන් ඉවත් වීමට කටයුතු කළ යුතුය.
 
 මෙවන් පසුබිමක , මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව හරහා මානව හිමිකම් මුවාවෙන් ශී‍්‍ර ලංකාවේ අධිකරණ පද්ධතිය හෑල්ලූවට ලක් කරමින් රට තුළ ස්ථාපිත කිරීමට උත්සාහ දරන විදේශිකයන්ගේ මැදිහත්වීම නතර කිරීමට රජයක් ලෙස වහා මැදිහත් විය යුතු බවට මෙම ගරු සභාවට යෝජනා කර සිටින අතර, මේ සම්බන්ධව ආණ්ඩුවේ ස්ථාවරය ගරු සභාවට පැහැදිලි කරන ලෙස යෝජනා කර සිටිමි.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles