Divaina - අපේ ප‍්‍රශ්න අපටම විසඳාගන්න අවස්ථාව උදාකර ගත්තා - විදේශ ඇමැති තිලක් මාරපන කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

 අකිත පෙරේරා, රනිල් ධර්මසේන

lawyerදශක ගණනාවක සිට විසඳුමක් නොමැතිව තිබූ ප‍්‍රශ්න හඳුනාගනිමින් ඊට අවශ්‍ය කරන දේශීය ක‍්‍රියාදාමයන් හා යාන්ත‍්‍රණයන් පිහිටුවීමේ වගකීම රජයක් වශයෙන් භාරගත් බව විදේශ ඇමැති තිලක් මාරපන මහතා ඊයේ (14 දා* පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා කළ ප‍්‍රකාශයට පිළිතුරු දෙමින් විදේශ ඇමැතිවරයා මෙසේද කීය.

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හොඳින් දන්නා පරිදි, එතුමාගේ ආරාධනයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බන් කී මූන් මහතා 2009 වසරේ මැයි මාසයේ ලංකාවේ සංචාරයක නිරත වුණා.

එම සංචාරය අවසානයේදී රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කරමින් පශ්චාත් යුද සමයේ මානව හිමිකම් ආරක්‍ෂා කිරීම, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් යම් පියවර ගැනීමට එකඟ වුණා.

එතැනින් නොනැවතී එවකට රජය 2009 වසරේ මැයි මාසයේ 27 වැනිදා ශ‍්‍රී ලංකාවේ මූලිකත්වයෙන් යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරලා, කවුන්සිලයේ බෙදීමක් ඇති කරමින් එම යෝජනාව ඡුන්දයකින් සම්මත කර ගත්තා. එම යෝජනාවේ අන්තර්ගතය බැලූවොත් පැහැදිලි වෙනවා එවකට රජය බන් කී මූන් මහතා සමඟ නිකුත් කළ ඒකාබද්ධ ප‍්‍රකාශයත් ඊට ඇතුළත් බව. ඒ විතරක් නෙවෙයි, 13 වන සංශෝධනය කි‍්‍රයාත්මක කිරීමත් මෙම අන්තර්ජාතික යෝජනාවට ඇතුළත් කළා. ගැටුම් අවසානයේ 13 වන සංශෝධනය ක‍්‍රියාත්මක කරමින් දේශපාලන විසඳුමක් හරහා සදාකාලික සාමය සහ සංහිඳියාව ඇති කිරීමටත් සියල්ලන්ගේම මානව හිමිකම් සුරැුකීමට පියවර ගැනීමටත් එකඟ වුණා.

නමුත් මෙම ගරු සභාවේ සියලූදෙනාම දන්නා පරිදි එවකට රජය විසින් ම ඉදිරිපත් කර සම්මත කර ගන්නා ලද සම්මුතියවත් ක‍්‍රියාත්මක නොකිරීම හේතුවෙන් සහ තමාම දේශීය වශයෙන් 2010 වසරේ මැයි මස 15 වන දින පිහිටුවන ලද ‘උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිසම :ඛඛඍක්‍*. වාර්තාවේ අන්තර්ගත නිර්දේශ ක‍්‍රියාත්මක නොකිරීම හේතුවෙන් 2012, 2013, 2014 යන වසරවල ශ‍්‍රී ලංකා රජයේ විරුද්ධත්වය සහ විරෝධතාව මධ්‍යයේ යෝජනා තුනක් මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වුණා.

අවසානයේ 2014 වසරේදී සම්මත වූ යෝජනාව තුළින් ශ‍්‍රී ලංකා ඉතිහාසයේ පළමුවැනි වතාවට ශ‍්‍රී ලංකාව පිළිබඳව විදේශීය විමර්ශකයන් පත් කිරීම සම්මත වුණා.

2015 ජනවාරි මස ජනාධිපතිවරණයෙන් ලැබුණු ප‍්‍රතිඵලය නැතිව, එම යෝජනාව ඒ ආකාරයෙන් ක‍්‍රියාත්මක වූවා නම්, මෙම විමර්ශනයේ ප‍්‍රතිඵලයක් වශයෙන් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ආර්ථික සම්බාධක මෙන්ම වෙනත් අන්තර්ජාතික පියවර ගැනීමට ඉඩ තිබුණා.

නමුත් 2015 ජනවාරි මාසයේ ජනාධිපතිවරණයෙන් පසුව පත් වූ රජය විසින් දින 100 යේ වැඩපිළිවෙළෙහි සඳහන් පරිදි දේශීය ක‍්‍රියාදාමයන් හරහා අප රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් යම් පියවර ගැනීමට ප‍්‍රතිඥාදීම තුළින් ශ‍්‍රී ලංකාව පිළිබඳව මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ විමර්ශනයේ ප‍්‍රතිඵලයක් වශයෙන් අන්තර්ජාතික පියවර ගැනීමට තිබූ ඉඩ ප‍්‍රස්ථා සියල්ල නතර වුණා.

30/1 යන යෝජනාව මගින් අපේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය යළි තහවුරු කරගැනීමට අපි සමත් වුණා. වෙන වචනවලින් කියනවා නම්, අපේ ප‍්‍රශ්න අපිටම විසඳාගන්න අවස්ථාව අපි සකස් කර ගත්තා. අපේම ජනතාව වෙනුවෙන් අපිම පෙනී සිටිමින් පුළුල් සාකච්ඡුා මාර්ගයෙන් දශක ගණනාවක් විසඳුමක් නැතිව තිබුණු ප‍්‍රශ්න හඳුනාගෙන ඒ ප‍්‍රශ්න ආමන්ත‍්‍රණය කිරීමට අවශ්‍ය කරන දේශීය ක‍්‍රියාදාමයන් සහ දේශීය යාන්ත‍්‍රණ පිහිටුවීමට අපි දේශීය වශයෙන් රජයක් හැටියට අපේ වගකීම අපි භාරගත්තා.

අපි මෙම ක‍්‍රියාමාර්ග තුළින් අපේ රටට, අපේ සන්නද්ධ හමුදාවේ නිලධාරීන්ට හෝ අපේ ජනතාවට කිසිදු හානියක් වෙන ආකාරයකින් ක‍්‍රියාකරලා නැති බව අවධාරණය කිරීමට කැමතියි. අපි ඇත්ත වශයෙන් ම කරලා තියෙන්නේ, අපේ ප‍්‍රශ්න අපිටම විසඳාගැනීමට ඇති ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය තහවුරු කිරීම පමණයි. අපි අපේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට අගතිදායකවන කිසිම නීතියක් සම්මත කිරීමට ක‍්‍රියා කරලා නැහැ.

ඊයේ මේ ගරු සභාව අමතමින් ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමා පෙන්වා දුන් ආකාරයට අපි අපේ ජනතාව වෙනුවෙන් අපේ වගකීම් ඉටු කිරීමට භාර ගැනීම හරහා ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් නැති වී ගිය කීර්තිය නැවතත් උදාකර ගැනීමට හැකිවුණා. යුරෝපා සංගමයේ ඨීඡු ූ, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සහ ලෝකයේ සියලූම දියුණු රටවල් සමග එක් වී අපේ ආර්ථිකය දිගු කාලීනව ගොඩනැගීමට අවශ්‍ය කරන පදනම දැමීමට අපට හැකිවෙලා තියෙනවා.

අපේ සන්නද්ධ හමුදාවලට එක්සත් ජාතීන්ගේ සාම හමුදාවලට දායකත්වය ලබා දීමට වගේම ලෝකයේ දියුණුතම නාවික හමුදා, යුද හමුදා සහ ගුවන් හමුදා සමඟ පුහුණුවීමට සහ ඒකාබද්ධ අභ්‍යාසවල නිරතවීමට අවස්ථාව යළිත් වතාවක් උදාවෙලා තිබෙනවා. විශේෂයෙන් ම අපේ නාවික හමුදාවේ ශක්තිය තර කිරීමට මිත‍්‍ර රටවල් කිහිපයක් ම විවිධ පරිමාණයේ නාවික යාත‍්‍රා කිහිපයක් ම දැනටමත් පරිත්‍යාග කර තිබෙනවා. ඔබ දන්නා පරිදි 2015 ජනවාරි මාසයට කලින් මේ ඉඩප‍්‍රස්ථා අපට නොලැබුණු අතර, මෙම සම්බන්ධතා ගොඩනඟා ගැනීමට තිබුණු සියලූ ඉඩකඩ අප අතින් ගිලිහී ගියා.

අපි ඇත්ත වශයෙන් ම 2015 සිට ගත්ත පියවර හරහා රටක් වශයෙන්, දේශයක් වශයෙන් අපේ ජනතාවගේ මානව හිමිකම් සුරැුකීම, නීතිමය පාලනය ශක්තිමත් කිරීම වැනි ක‍්‍රියාමාර්ග තුළින් අපේ රටේ ගෞරවය සහ සන්නද්ධ හමුදා නිලධාරීන්ගේ සහ සියලූම පුරවැසියන්ගේ ගෞරවය ආරක්‍ෂා කරගනිමින් සියලූ රටවල් සහ ජාත්‍යන්තර ආයතන තරහ කරගන්නේ නැතිව, මේ ජාත්‍යන්තර සම්බන්ධතා තුළින් අපේ ජනතාවගේ දියුණුව සඳහා අවශ්‍ය ප‍්‍රතිලාභ ලබා ගනිමින් ක‍්‍රියා කළා.

රටේ සංහිඳියාව සහ සංවර්ධනය ශක්තිමත් කරමින් සියලූම පුරවැසියන්ට සමෘද්ධිමත් අනාගතයක් සඳහා අවශ්‍ය කරන පියවර ගැනීමට අපි සැම විටම කැපවීමෙන් ක‍්‍රියාකරන අතර, කිසිදු ආකාරයකින් 2015 ජනවාරි ට පෙර තිබුණු ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් කොන්වුණු අගතියට අපේ රට සහ අපේ ජනතාව පත්වීමට කිසිදු ආකාරයකින් ඉඩ තියන්නේ නැති බව තරයේම ප‍්‍රකාශ කර සිටිනවා.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles