Divaina - ගෙදර වැඩ නොකළාට පහේ පංතියේ සිසුන්ට පහර දුන් ‘සර්’ රිමාන්ඞ්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new


 grade5
 
 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ මඩකලපුව - ජවුෆර් ඛාන්
 
 පාසලෙන් දුන් ගෙදර වැඩ නොකළැයි පවසමින් සිසුන් 17 දෙනකුට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියකට පෙරේදා (13 දා* අත්අඩංගුවට ගත් කාත්තන්කුඩි පාසලක ගුරුවරයකු මඩකලපුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
 
 සැකකාර ගුරුවරයාගේ පහරකෑමට ලක්වූ 5 ශ්‍රේණියේ සිසුන් සියලූ දෙනා කාත්තන්කුඩි රෝහලට ඇතුළත් කර තිබේ.
 
 සිසුන් බොහෝ දෙනකුගේ අත් හා පිට ප‍්‍රදේශවල තුවාල දක්නට ඇතැයිද පොලිසිය කියයි.
 
 මෙම පහරදීම සම්බන්ධයෙන් එම සිසුන්ගේ මව්පියන් පොලිසියට කරන ලද පැමිණිලි අනුව විමර්ශන සිදුකර සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගත් බවද එම නිලධාරියා කියා සිටියේය.
 
 මේ පිළිබඳව කාන්තන්කුඩි පොලිසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක විමලසිරි මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් ප‍්‍රනාන්දු (45184* ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles