Divaina - රැඳවියන්ට ඥාතීන් අමතන්න බන්ධනාගාරවලට දුරකථන පහසුකම්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new


 
 නෝමන් පලිහවඩන
 
 phone133බන්ධනාගාරගත වී සිටින රැුඳවියන්ට සිය පවුලේ ඥාතීන් සමග කතා බහ කිරීමට දුරකථන පහසුකම් ලබා දීම සඳහා ටෙලිකොම් සමාගම සමග දැන් සාකච්ඡුා පවත්වන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. එම්. ජේ. ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා ‘දිවයින’ට ඊයේ (14 දා* පැවැසීය.
 
 ඇතැම් බන්ධනාගාර රැුඳවියන් නීති විරෝධී ලෙස ජංගම දුරකථන ආධාරයෙන් සිදුකරන දුරකථන සංංවාද නතර කිරීම සඳහා ඔවුන්ගේ පවුල්වලට පමණක් කතාබහ කළ හැකි අන්දමට බන්ධනාගාරවලට මෙසේ දුරකථන පහසුකම් ලබාදෙන බවත්, මේ අනුව දුරකථනයෙන් අමතන කාල සීමාව විනාඩි ගණනකට සීමා කරන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.
 
 මෙම දුරකථන ඇමතුම් ගාස්තුව එම රැුඳවියන්ගේ පවුල්වලින් අය කරන අතර එම දුරකථන කතාබහ සියල්ලම පටිගත කෙරෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසීය

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

hema250

දියග

jesof250i

මීවිත

gorki250

More Articles