Divaina - අයවැයට විරුද්ධ වීම වරදක් නම් විනය පරීක්‍ෂණයක් පවත්වා දඬුවම් දෙන්න - ඩිලාන් පෙරේරා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

අරුණ බෝගහවත්ත
 
 dilan13n5අයවැය දෙවැනි වර ඡන්ද විමසීමේදී තමන් ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිවුදෙනකු අයවැයට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කිරීම වරදක් නම් විනය පරීක්‍ෂණයක් පවත්වා දඬුවම් ලබා දෙන්නැයි ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
 
 අයවැයට විරුද්ධව තමන් ඡුන්දය දුන්නේ එදින පෙරවරුවේ ඒකාබද්ධ විපක්ෂයක් ලෙස ඇතිකරගත් පොදු එකඟතාව මත බවද ඩිලාන් පෙරේරා මහතා කීවේය.
 
 දෙවැනිවර කියැවීමේ ඡුන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ බවත්, අවසන් මොහොතේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිව්දෙනකු හැර අන් සියලූ දෙනා එම අවස්ථාවට සහභාගී නොවී සිටි බවත් මන්ත‍්‍රීවරයා කීවේය.
 
 අවසන් මොහොතේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීන්දුවට පිටින් ගිය බවට චෝදනා කරමින් තමා ඇතුළු සිව්දෙනාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා දඬුවම් ලබාදෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ද ඩිලාන් පෙරේරා මහතා ඊයේ (14දා* පුංචිබොරැුල්ල පරිවර්තන කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. අයවැයට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කිරීමට පොදු එකඟතාවකට එළඹුණා නම් සියලූ දෙනා එම එකඟතාව මත සිටිය යුතු වුවත් තවමත් කේවට්ටයින් කිහිපදෙනෙකු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින බවද පොදුජන පෙරමුණේ එවැනි අය සිටීම කනගාටුවක් බවද මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
 කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ ඊයේ විපක්ෂ නායක කාර්යාලයේදී ඇතිකර ගත් සන්ධානය පිළිබඳ ජාතික මට්ටමෙන් සාකච්ඡුාවක් පැවැත්වූ බවත් එහිදී සියලූ දෙනා එක්ව ඉදිරි මැතිවරණයට මුහුණ දීම පිළිබඳව එකඟතාවකට පැමිණෙන බවත් කී ඩිලාන් පෙරේරා මහතා ඇති කරගන්නා එම සමගිය ලබන අපේ‍්‍රල් පස්වැනිදා අවසන් අය වැය විවාදයේදී පෙන්වන බවද කීවේය.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles