Divaina - මධුෂ් ශ‍්‍රී ලංකා පොලිසියෙන් අත්අඩංගුවට ගැනීම වළක් වන්න; නැන්දනියගෙන් පෙත්සමක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new


එස්ටීඑෆ් ප‍්‍රධානියා ඇතුළු 5 ක් වගඋත්තරකරුවන්

සරත් ධර්මසේන සහ හේමන්ත රන්දුණු

madus135පසුගියදා ඩුබායි පොලිසිය විසින් තවත් කීප දෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින සමරසිංහ ආරච්චිගේ මදුෂ් ලක්‍ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ශ‍්‍රී ලංකා පොලිසිය එරටට ගොස් අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදාගෙන යන බව තමාට දැනගන්නට ලැබී ඇති බැවින් එය වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහුගේ නැන්දනිය වන සූරියවැව හත්පෝරුව මහගම ජනපදය අංක 354 පදිංචි අබේසේකර වීරසේකර ශ‍්‍රියානි නමැත්තිය ඊයේ (14 වැනිදා* ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය.

ඇය සිය පෙත්සමෙන් කියා සිටින්නේ වරදක් සිදුකර අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සිටින ශ‍්‍රී ලාංකික පුද්ගලයකු එරටින් පිටුවහල් කර මෙරටට ගෙන්වා ගැනීමට දෙරට අතර

ගිවිසුමක් අත්සන් කර එකඟතාවයකට පැමිණ නැති බැවින් එරටේ අගනුවර වන ඩුබායි පොලිස් භාරයේ රඳවාගෙන සිටින තම බෑණා අත්අඩංගුවට ගැනීමට ශ‍්‍රී ලංකාවේ රහස් පොලිසියට නීතියෙන් කිසිදු බලයක් හා අයිතියක් නැති බවයි.

තම බෑණා වන මධුෂ් ඩුබායි රටට පලා ගියේ ඔහුට මරණ තර්ජන එල්ල වී තිබූ නිසා බවත් ඔහු අත්අඩංගුවට ගැනීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13(1* සහ 12(1* වගන්ති උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සම්කාරිය කියා සිටී.

විශේෂ පොලිස් කාර්ය බළකායේ (එස්.ටී.එෆ්.* විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති ටී.එෆ්.ලතීෆ්, සංවිධානාත්මක අපරාධ පරීක්‍ෂණ ඒකකයේ ප‍්‍රධානී, විෂ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස්පති සහ නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

දකුණේ දේශපාලනඥයෙකු වූ ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කිරීම ඇතුළු සිද්ධීන් කීපයකට සැකපිට රක්‍ෂිත සිරභාරයට පත්ව සිටි මාකඳුරේ මධුෂ් 2010 දී ඇප පිට මුදා හැර සිටි බවත් රිමාන්ඞ් භාරයේ සිටියදී ඔහුගේ ජීවිතයට හානි කිරීමට කීපවතාවක්ම උත්සාහ ගත් බවත් ජීවිතයට එල්ල වූ තර්ජන නිසාම ඔහු 2015 ජනවාරි මාසයේදී ඔහුගේ පුත‍්‍රයාද රැුගෙන විදේශ රටකට ගිය බවත් පෙත්සම්කාරිය පෙත්සමේ සඳහන් කර ඇත.

පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වන අන්දමට ඔහු ඉපදී ඇත්තේ 1979 දීය. ඔහුට වසර 10 ක් වන විට ඔහුගේ මව යුද හමුදාව විසින් 1989 දී මරා දමා ඇත. ඒ වනවිට ඔහුට අවුරුදු 06 ක සහෝදරයෙක් සිට ඇත.

ඔහුගේ මව ඝාතනය කිරීමට ප‍්‍රධාන වශයෙන් වගකිවයුතු පුද්ගලයා ඩැනී හිත්තැටිය මහතා යයි පවුලේ අය දැඩිව විශ්වාස කරන බවත් පෙත්සම්කාරිය කියයි.

මව මිය යාමෙන් පසුව ඔහුගේ පියා තවත් විවාහයක් කරගෙන ඇත. මධුෂ් සහ ඔහුගේ සොහොයුරු හදාවඩාගෙන ඇත්තේ ඔහුගේ ආච්චි අම්මායි.

රෝහලක සාත්තු සේවකයෙකු වශයෙන් මුලින්ම

රැුකියාවක් කළ මධුෂ් සාත්තු සේවිකාවක් සම`ග විවාහ වී ඇති අතර ඒ විවාහයෙන් ඔහුට දරුවෙක් සිටී.

පළාතේ දේශපාලන බලඅධිකාරියෙන් තර්ජනය එල්ල වූ නිසා උපන්ගම අත්හැර ගිය ඔහු මිනීමැරීමේ හා තවත් චෝදනා කීපයක් උඩ 2001 දී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මධුෂ්ගේ සොහොයුරා සුදු වෑන් රියකින් පැහැරගෙන ගොස් ඇති අතර කපා කොටා මරා දමා තිබූ ඔහුගේ මළ සිරුර පසුව මාතර දී හමුවී ඇත.

අපේ රටේ පවතින නීතියට අනුව මධුෂ් අත්අඩංගුවට

ගැනීම සහ රඳවා ගැනීම නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී බවත් පෙත්සමෙන් වැඩිදුරටත් කියා සිටී.

වගඋත්තරකාර පොලිස් නිලධාරීන්ට මුලින්ම නොතීසි නිකුත් කර උසාවි කැඳවා පෙත්සම පිළිබඳ සම්පූර්ණයෙන් විභාගයක් පවත්වන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා සිටින සහනයන් ලබාදෙන ලෙසත් ඉල්ලා ඇත.

නීතිඥ එල්. අරුණ ප‍්‍රභාෂ් මහතා මගින් පෙත්සම ගොනු කර තිබිණි.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles