Divaina - කලහකාරී ලෙස හැසිරීමේ චෝදනා; අන්තරේ කැඳවුම්කරු රිමාන්ඞ්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

සුජීව තත්සර
 
 අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පෙරේදා (13දා* පැවැත්වූ විරෝධතා පාගමනේදී කලහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත පොලිස් අත්අඩංගුවට පත් වූ එහි කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙනිය ඊයේ (14දා* කොළඹ අලූත්කඬේ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ අතිරේක මහෙස්ත‍්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.
 
 අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පෙරේදා පාර්ලිමේන්තු වටරවුම අසල පැවැත්වූ පා ගමනක් සහ විරෝධතාවක් අතරතුර එහි කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙනිය සිසුවා මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් අධිකාරී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා දිවයිනට පැවසීය.
 
 සිසු කම්කරු සහ පොදුජන අරගල මැඬලීමට රජය ගෙන එන ප‍්‍රතිත‍්‍රස්ත පනත පැරදවීම, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පෙරේදා මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබිණි. එදින දහවල් සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසලින් සිසු විරෝධතා පාගමන ආරම්භ වූ අතර විශ්වවිද්‍යාල සිසුහු 5000 ක් පමණ ඊට එක්ව සිටියහ.
 
 කැරලි මර්දන ඒකකය, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ යොදා මෙම විරෝධතා පා ගමන නවතාලීමට කටයුතු කර තිබුණද පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ විශාල මාර්ග තදබදයක්ද ඇති විය. මෙම විරෝධතා පා ගමන නිසා ගැටුම්කාරී අවස්ථාවක් ඇති වුවහොත් එය පාලනය කිරීම සඳහා පොලිස් කොස්තාපල්වරියන් ද යොදවා තිබිණී.
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

hema250

දියග

jesof250i

මීවිත

gorki250

More Articles