Divaina - කොටි ඩයස්පෝරාවේ බෙර වාදකයා කොටි උපාංග රැසක් සමග හීත්රෝ ගුවන් තොටේදී මාට්ටු; කවුන්සිලය ඉදිරියේ 'මළ බෙර වාදනය' ද නතරවේ!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 S

divaina banner new

කීර්ති වර්ණකුලසූරිය
 
 කොටි ඩයස්පෝරාවේ ප‍්‍රධාන බෙර වාදකයා වූ මකියන් තංගවේලූ ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපළේදී ත‍්‍රස්ත මර්දන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
 
 ජීනිවා නුවරට ගෙන යෑම සඳහා මොහු තම ගමන් මළු තුළ සඟවාගෙන තිබූ කොටි උපාංග රැසක් ද සොයාගෙන තිබේ.
 
 මොහු අත්අඩංගුවට ගැනීම නිසා (6 දා) ජීනිවා නුවර මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ පැවැත්වීමට යෝජිතව තිබූ මළ බෙර වාදනය ද නතරවී ඇත.
 
 ත‍්‍රස්ත මර්දන පොලිසිය මොහුගේ නිවස පරීක්‍ෂා කිරීමේදී කොටි තොරතුරු රැසක් යූඑස්බී උපාංග සහ වෙනත් උපකරණ හමුවිය. අත්අඩංගුවට ගනු ලැබූ මකියන් තංගවේලූ කොටි ජාත්‍යන්තර ජාලයේ ප‍්‍රධානියකු බවද හෙළිවී තිබේ.
 
 මේ අතර මොහුගේ නිවසින් හමුවූ කොටි උපාංග ගැන ද පරීක්‍ෂා කෙරේ.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

ada250

නවලිය

vidusa250

දියග

newblack

මීවිත

gee250

More Articles