Divaina - අයවැයේදී ක‍්‍රියා කළ ආකාරයෙන් ශ‍්‍රීලනිපය සමග සන්ධානගත වීමේදී දෙවරක් සිතිය යුතුයි - දිලූම් අමුණුගම

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

අනුර බාලසූරිය
 
dilum135 අයවැය දෙවැනි වර ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කරන බවට මුලින් එක`ගවී අවසාන මොහොතේදී ඡන්දය ප‍්‍රකාශ නොකොට පැනගිය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම සමග සන්ධානගත වීම පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතු යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම මහතා පැවැසීය. අයවැය දෙවැනි වර කියවීමේදී ශ‍්‍රී ලනිප මන්ත‍්‍රී කණ්ඩායම කටයුතු කළ ආකාරයෙන් ඔවුන් පිළිබඳව තවදුරටත් විශ්වාසය තැබිය හැකිද යන්න පිළිබඳව සැකයක් මතුවන බවත් හෙතෙම කීවේය.
 
 විශ්වාස කළ නොහැකි කණ්ඩායම් සමග සන්ධානගත වී නැවත අමාරුවේ වැටීමට සූදානම් නැති බව පැවසූ මන්ත‍්‍රීවරයා අයවැය දෙවැනි වර ඡන්ද විමසීමේදී කටයුතු කළ ආකාරයෙන් ඔවුන්ගේ අතීත ක‍්‍රියාකාරකම් නැවත මතක් කරදුන් බවත් පැවසීය.
 
 රටට අහිතකර යහපාලන ආණ්ඩුව පලවා හැරීමට පොදු එක`ගතාවක් සහ සම්මුතියක් අවශ්‍ය බැවින් ඒ සඳහා තම මන්ත‍්‍රී කණ්ඩායම කැපකිරීම් කිරීමට සූදානම් බවත් ඒ පිළිබඳව හොඳ අවධානයෙන් කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා පැවැසීය.
 
 රටේ ජනතාවගෙන් බහුතරයක් තම පක්‍ෂය සමග සිටින බවත් අයවැය දෙවැනි වර කියවීමේදී ශ‍්‍රී ල. නි. ප මන්ත‍්‍රී කණ්ඩායම ඇතිකරගත් එක`ගතාවට පටහැනිව අවසානයේ කටයුතු කිරීම පිළිබඳව ඇත්තේ කනගාටුවක් බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

hema250

දියග

jesof250i

මීවිත

gorki250

More Articles