Divaina - විදේශ ඇමැති ඇතුළු රජයේ නියෝජිතයෝ අද ජිනීවා එති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

කීර්ති වර්ණකුලසූරිය - ජිනීවා සිට

 
එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් සමුළුවේ 40 වැනි සැසිවාරයට සහභාගිවීම සඳහා විදේශ ඇමැති තිලක් මාරපන මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් රජයේ නියෝජිත කණ්ඩායමක් අද (14 වැනිදා) ජිනීවා බලා පැමිණෙති.
 
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (13 වැනිදා) මෙම කමිටුව පත්කරන ලදී.
 
 මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන්, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ හා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ යන මහත්වරු කටයුතු කරති.
 
 සැසිවාරය මේ වනවිට ආරම්භ වී ඇති අතර, මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම පිළිබඳ වාර්තාව සලකා බැලීම ලබන 20 වැනිදා සිදු කිරීමට නියමිතය.
 
 ශ‍්‍රී ලංකාව සම අනුග‍්‍රාහකත්වය දක්වා ඇති එම මාතෘකාව යටතේම වන ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනා සම්මතය මාර්තු මස 21 වැනිදා සලකා බලනු ඇත.
 
 නව නියෝජිත කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද සමරසිංහ මහතා ඇතුළත් කර නැත.
 
 ජනාධිපතිවරයා විසින් මීට පෙර පත් කරන ලද ජිනීවා යන නියෝජිත කණ්ඩායමට ඒ මහතා නම් කර තිබිණි.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles