Divaina - ඇල්පිටියේදී පුද්ගලයෙක් මගීන් සමඟම ලංගම බසයක් පැහැරගනී... බසය පසුපස පන්නාගෙන ගිය පිරිසක් මහත් පරිශ‍්‍රයමක් දරා බසය මුදාගනී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

alpitiyaවිදානආරච්චි කීර්තිරත්න - ඇල්පිටිය
 
උඩුගම සිට ඇල්පිටිය හරහා මීගමුව දක්වා ධාවනය කිරීමට නියමිතව ඇල්පිටිය ප‍්‍රධාන බස් නැවතුම්පළ වෙත ඊයේ (13 දා) පස්වරු 3.50ට පමණ පැමිණි උඩුගම ලංගම ඩිපෝවට අයත් බස් රථයක් එම බස් රථයේම පැමිණි පුද්ගලයකු විසින් පැහැරගෙන අලූත්ගම දෙසට ධාවනය කරමින් තිබියදී බස් රථය පසුපස හඹා ගිය පිරිසක් ඉමහත් පරිශ‍්‍රමයක් දරා ඇල්පිටිය අටකොහොට ප‍්‍රදේශයේදී බස් රථය නවතාගෙන ඇත.
 
 අනතුරුව බස් රථය නවතා ගත් පිරිස විසින් බස් රථය පැහැරගත් පුද්ගලයා රියැදුරු අසුනින් ඇද දමා ඔහුට පහරදී බස් රථය නැවත ඇල්පිටිය බස්නැවතුම වෙත රැගෙනවිත් පැහැරගත් පුද්ගලයා පොලිසියට භාර දී ඇත.
 
 සිද්ධිය සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 40 කට අධික පිරිසක් සිටි බවට ද වාර්තා වෙයි.
 
 රියැදුරු බස් රථයෙන් බැස සිටියදී වෙනත් පුද්ගලයකු විසින් බස් රථය පැහැරගෙන යනු දුටු බස් රථය තුළ සිටි මගීන් මහත් භීතියට පත්ව මර හඬ දුන් බවට ද වාර්තා වේ.
 
 බස් රථය පැහැරගත් පුද්ගලයා අධික වේගයෙන් එම බස් රථය බස්නැවතුම්පළින් පිටතට ධාවනය කිරීමේදී ගාල්ල දක්වා ධාවනය කිරීමට නියමිත ඇල්පිටිය නැවතුම්පළේ ගාල්ල වේදිකාවේ නවතා තිබූ ලංගම බස් රථයක හැපී එම බස් රථයට ද බරපතළ හානි සිදුව ඇත.
 
 පොලිස් අත්අඩංගුවට පත් සැකකරු අද ඇල්පිටිය මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඇල්පිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්‍ෂක මෙන්ඩිස් මහතා ‘දිවයින’ට පැවසීය.
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles