Divaina - දියමන්ති කොල්ලයට හවුල් ‘පැඟිරිවත්තේ සුද්දා’ දැලේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

hiraමහරගම ඇරැව්වල පන්නිපිටිය ප‍්‍රදේශයේ නිවසකින් කෝටි 700 ක් වටිනා දියමන්තියක් සහ මැණික් ගල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාතාල නායකයකු වූ ‘මොරටු සමන්’ නමැත්තාගේ ගෝලයකු මෙම කොල්ලයට යොදාගත් මෝටර් රථයද සමග ඊයේ (13 දා) මිරිහාන විශේෂ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පැඟිරිවත්ත පාර, ගංගොඩවිල, නුගේගොඩ ප‍්‍රදේශයේ පදිංචි චමිල රංගන නොහොත් ‘පැඟිරිවත්තේ සුද්දා’ නමැත්තකු බව පොලිසිය පවසයි.

මෙම සැකකරු ‘මොරටු සමන්’ නමැති පාතාල නායකයාගේ ගෝලයකුව සිට මොරටු සමන් ඝාතනය වීමෙන් පසු විවිධ පාතාල කණ්ඩායම් සමග එක්ව අපරාධවලට සම්බන්ධවී ඇතැයි විමර්ශනවලදී හෙළිවී ඇත.

දියමන්ති කොල්ලයට මෙම සැකකරු සම්බන්ධවී ඇති බවට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට ලැබී තිබූ තොරතුරු මත දින ගණනක් විමර්ශන සිදුකර සැකකරු මෝටර් රථය සමග දෙල්කඳ ප‍්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කොල්ලය සඳහා විදේශිකයකු ඇතුළු කණ්ඩායමක් සම්බන්ධ වී ඇති බවත් විදේශිකයා දියමන්ති සහ මැණික් මිලදී ගැනීමට පැමිණ සිටියදී පොලිස් නිලඇඳුමෙන් ගිනි අවි අතැතිව පැමිණි කණ්ඩායමක් දියමන්තිය සහ මැණික් සමග විදේශිකයාද පැහැර ගෙන ගොස් විදේශිකයා අතරමග දමා පලාගොස් ඇති බවත් හෙළිවී තිබේ.

මේ සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් මේ වන විට සැකකරුවන් සිව්දෙනකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙන අතර විදේශිකයා කොල්ලය සිදුකළ දිනට පසුදින විදෙස් ගතවී ඇති බවත් ඔහුද කොල්ලයේ සැකකරුවකු බවත් හඳුනාගෙන ඇත.

චමින්ද සිල්වා - ප‍්‍රදීප් සමරකෝන්

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles