Divaina - කන්චිපාන ඉම්රාන්ගේ කල්ලියේ 2 ක් ගම්පොළින් අල්ලයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

578ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක කන්චිපාන ඉම්රාන්ගේ කල්ලියේ ප‍්‍රබල පාතාල සාමාජිකයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ගම්පොළ ප‍්‍රදේශයේදී ඊයේ (13 දා* අලූයම අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පාතාල සාමාජිකයන් දෙදෙනාගෙන් එක් අයකු කන්චිපාන ඉම්රාන්ගේ පාතාල කල්ලියේ වෙඩික්කරු බව හෙළි වී තිබේ. මොහොමඞ් සම්මුර මොහොමඞ් සියාම් නොහොත් ‘ජීබුම්බා’ නමැති පාතාල ප‍්‍රබලයා ඉකුත් පෙබරවාරි මාසයේදී කොටහේනේ මහල් නිවාසයකදී ‘කුඩු චූටි’ නමැති කාන්තාවට වෙඩි තබා බරපතළ තුවාල කළ පුද්ගලයා බව හඳුනාගෙන ඇත.

මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන ජීබුම්බා මිනිස් ඝාතන තුනකට සම්බන්ධ බව පොලිසිය පවසයි. එක් මිනිස් ඝාතනයක් සඳහා කන්චිපාන ඉම්රාන් නමැති පාතාල නායකයා රුපියල් 50,000 ක මුදලක් ගෙවා ඇති බව ද හෙළි වී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟම මොහු කොළඹ නගරය අතහැර ගම්පොල ප‍්‍රදේශයට පලා ගොස් එහි නිවසක සැඟ වී සිට ඇති බව අනාවරණය වී ඇත.

මේ අතර කන්චිපාන ඉම්රාන්ගේ පාතාල කල්ලියේ තවත් ප‍්‍රබලයකු බව කියන ග‍්‍රෑන්ඞ්පාස් විජේ නමැත්තා ද විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් ජාවාරම් ඇතුළු විවිධ අපරාධ චෝදනා 10 ක් පමණ මොහුට ඇති බව පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles