Divaina - රටවල් 6 ක් ජිනීවා කවුන්සිලයට ඉදිරිපත් කළ ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනා සම්මතය මැතිසබයට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Div New365x90 SI

divaina banner new

jeniwaඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට රටවල් හයක් විසින් ශ‍්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කළ යෝජනා සම්මතය සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (13 දා* පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 04 වැනි පිටුවට

කැනඩාව, ජර්මනිය, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව, එක්සත් රාජධානිය සහ උතුරු අයර්ලන්තය විසින් පසුගිය සඳුදා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

සභානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එකී යෝජනා සම්මතය මෙසේය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසංධානය, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම.

මානව හිමිකම් කවුන්සිලය විසින් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය, මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් හා අදාළ වෙනත් ලේඛනයන්ගේ මඟපෙන්වීමෙන් එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියේ අරමුණු හා මූලධර්ම නැවත අවධාරණය කරමින්,

ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රතිසංධානය, වගවීම හා මානව හිමිකම් ප‍්‍රවර්ධනය පිළිබඳ 2015 ඔක්තෝබර් 01 දිනැති අංක 30/01 හා 2017 මාර්තු මස 23 දිනැති අංක 34/01 දරන මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා සම්මතයන් නැවත අවධාරණය කරමින්,

2012 මාර්තු මස 22 දිනැති අංක 19/02, 2013 මාර්තු මස 21 දිනැති අංක 22/01 හා 2014 මාර්තු 27 දිනැති අංක 25/01 දරන මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා සම්මතයන් සිහිපත් කරමින්, සිය ජාතීන්ගේ සමස්ත ජනතාව සතු සියලූ මානව හිමිකම් හා මූලික නිදහස ඔවුන් වෙත පූර්ණ වශයෙන් භුක්ති විඳීමේ අවකාශය සලසන බවට සහතික වීම ඒ ඒ සියලූ රාජ්‍යයන්හි වගකීම වන බවට නැවත අවධාරණය කරමින්,

ශ‍්‍රී ලංකාවේ ස්වෛරීත්වය, නිදහස, ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාව කෙරෙහි වූ සිය කැපවීම නැවත ද අවධාරණය කරමින්,

2018 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වූ කාල පරිච්ෙඡ්දයේ දී ශ‍්‍රී ලංකාව තුළ ඉස්මතු වූ දේශපාලන තත්ත්වය සාමකාමී ලෙස නිරාකරණය කිරීමෙහි ලා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතාන්ත‍්‍රික ආයතනය විසින් ඉටු කරන ලද ප‍්‍රබල කාර්යභාරය පිළිගනිමින්,

2017 සැප්තැම්බර් මාසයේ අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම, 2018 පෙබරවාරි මාසයේදී එහි කොමසාරිස්වරුන් පත්කිරීම හා එහි වරපත‍්‍රය පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක කිරීම සඳහා ඒ ආයතනයට අදාළ කටයුතු ආරම්භ කිරීම සාදරයෙන් පිළිගනිමින්,

2017 ජූලි මස 10 සිට 14 දක්වා මානව හිමිකම් හා ත‍්‍රස්ත විරෝධී කාර්යයන් පිළිබඳ විශේෂ වාර්තා සම්පාදකවරයා විසින් ද, 2017 ඔක්තෝබර් මස 10 සිට 23 දක්වා සත්‍යය, යුක්තිය, සාධාරණත්වය, හානිපූරණය, ප‍්‍රවර්ධනය හා එම සිදුවීම් නැවත සිදු නොවීම පිළිබඳ සහතික වීම සම්බන්ධ විශේෂ වාර්තා සම්පාදකවරයා විසින් ද, 2017 දෙසැම්බර් මස 04 සිට 15 දක්වා අත්තනෝමතිකව රඳවා තබා ගැනීම පිළිබඳ කාර්ය කණ්ඩායම විසින් ද, 2018 සැප්තැම්බර් 03 සිට 11 දක්වා මානව හිමිකම් පූර්ණ වශයෙන් භුක්ති විඳීම විෂයයෙහි විදේශ ණයවල බලපෑම සම්බන්ධ ස්වාධීන විශේෂඥවරයා විසින් ද සිදුකරන ලද පැමිණිලි සාදරයෙන් පිළිගනිමින්,

දේශීය ජනතාවට නැවත සිය ජීවනෝපාය ආරම්භ කිරීමේ හැකියාව ලබාදෙනු පිණිස සන්නද්ධ අංශ

රැුඳී සිටින පුද්ගලික ඉඩම් සියල්ල නිදහස් කිරීම විෂයයෙහි ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් නැවත නැවතත් සිදු කරන ලද පොදු කැපවීම සිහිපත් කරමින්, පෙරදී සන්නද්ධ අංශ රැුඳී සිටි ඇතැම් පුද්ගලික ඉඩම් සිවිල් පුරවැසියන්ගේ හිමිකාරිත්වයට ආපසු භාරදීම අගය කොට සළකමින්,

මෙම පසුබිම තුළ තවදුරටත් වැදගත් ප‍්‍රගතීන් අත්පත් කර ගනිමින් කාල රාමුවක් සහිතව අදාළ ක‍්‍රමෝපායන් ක‍්‍රියාත්මක කිරීම සඳහා විධික‍්‍රම සම්මත කර ගැනීම දිරිමත් කරමින් හානිපූරණය පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවරයන්හි ප‍්‍රගතිය ද ඇතුළත්ව සත්‍ය හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් සම්බන්ධ සංකල්ප පත‍්‍රයක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම. 1978 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම සඳහා වූ යෝජනාව ද ඇතුළත්ව අංක 30/01 දරන මානව හිමිකම් කවුන්සිල යෝජනාව ක‍්‍රියාත්මක කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජය විසින් ගන්නා ලද වෙනත් පියවරයන් සැලකිල්ලට ගනිමින්,

1. අංක 34/01 දරන යෝජනා සම්මතය මගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් ඉල්ලා සිටි පරිදි කවුන්සිලයේ 40 වන සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කරන ලද සවිස්තරාත්මක වාර්තාව අගයමින්, තවදුරටත් ඉටු කළ යුතුව පවත්නා අංක 30/01 දරන යෝජනා සම්මතය තුළ කවුන්සිලය විසින් හඳුනාගන්නා ලද ක‍්‍රියාමාර්ග පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක කරන ලෙස ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී;

2. 2015 ඔක්තෝබර් මාසයේ සිට මහ කොමසාරිස්වරයා හා මහකොමසාරිස් කාර්යාලය සමඟ ද අදාළ විශේෂ කාර්ය වරපත‍්‍රලාභීන් සමඟ ශ‍්‍රී ලංකා රජය විසින් සිදු කරන ලද ධනාත්මක කාර්යයන් සාදරයෙන් පිළිගනිමින් ශ‍්‍රී ලංකාව තුළ මානව හිමිකම් සහ සත්‍ය, යුක්තිය, ප‍්‍රතිසංවිධානය හා වගවීම ප‍්‍රවර්ධනය පිණිස එම කාර්යයන් තවදුරටත් සිදු කිරීම දිරිමත් කරවයි;

3. ශ‍්‍රී ලංකා රජයේ අදහස් විමසමින් එහි එකඟතාව සහිතව ශ‍්‍රී ලංකාව තුළ මානව හිමිකම් ප‍්‍රවර්ධනය හා සුරැුකීම සහ සත්‍ය, යුක්තිය. ප‍්‍රතිසංධානය සහ වගවීම සම්බන්ධ සිය උපදේශක කාර්යයන් බලගන්වන අතර, තාක්‍ෂණික සහාය ලබාදීම නොකඩවා සිදුකරන ලෙස මහකොමසාරිස් කාර්යාලය සහ අදාළ විශේෂ කාර්ය වරපත‍්‍රලාභීන්ගෙන් ඉල්ලා සිටී;

4. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසංධානය වගවීම හා මානව හිමිකම් ආශ‍්‍රිතව සිය නිර්දේශය හා වෙනත් අදාළ ක‍්‍රියාවලීන් සම්බන්ධ ප‍්‍රගතිය නොකඩවා තක්සේරු කරමින් එහි 43 වන සැසිවාරයේදී මෙම කාර්යයන් පිළිබඳ ලිඛිත සවිස්තරාත්මක යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කොට ඉන්පසු එහි 46 වන සැසිවාරයේදී අංක 30/01 දරන කවුන්සිල යෝජනා සම්මතය ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡුාවක් පවත්වන ලෙස මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටී.

අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ

sikuru


ප්‍රාදේශීය පුවත්

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles