Divaina - ගුරු ගැටලූවලට දෙන විසඳුම් වෘත්තීය සමිති සිය ජයග‍්‍රහණ ලෙස හුවා දැක්වීම ලැජ්ජාවක් - අධ්‍යාපන අමාත්‍යාංශය කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new

p1 50980ගුරුවරුන්ගේ ගැටලූවලට අධ්‍යාපන අමාත්‍යාංශය ලබාදෙන විසඳුම් තමන්ගේ ජයග‍්‍රහණ ලෙස හුවා දැක්වීමට වෘත්තීය සමිති උත්සාහ කිරීම ලැජ්ජා සහගත යැයි එම අමාත්‍යාංශය පවසයි. 04 වැනි පිටුවට
 
 ඊයේ (13 වැනිදා) පැවැති ගුරු හා විදුහල්පති වෘත්තීය කි‍්‍රයාමාර්ගය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසන අධ්‍යාපන අමාත්‍යාංශය එහි මෙසේද සඳහන් කර ඇත.
 
 වැටුප් විෂමතාව ඉවත්කරන ලෙස සහ ගුරුවරුන්ට සිදුකරන බලපෑම නතර කරන ලෙස ඉල්ලමින් වැඩවර්ජනයක් සිදුකිරීමට ඇතැම් වෘත්තීය සමිති ගනු ලැබූ උත්සාහය තුළ ඇති අවස්ථාවාදී අරමුණු රටේ ජනතාව සහ අධ්‍යාපන පද්ධතියට සම්බන්ධ සියලූ දෙනා හොඳින් අවබෝධ කරගත යුතුය.
 
 ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවක් ඇති බවට 1997 වසරේ ඉදිරිපත් කළ බී. සී. පෙරේරා වැටුප් කොමිසම ඉදිරිපත් කළ නිර්දේශ වසර 22 ක කාලයක් ගතවීත් කි‍්‍රයාත්මක නොවීම මතු කරමින් මොවුන් මෙම වැඩවර්ජනය සිදුකිරීමට ගුරුවරුන්ගේ සහය ලබාගෙන තිබේ. නමුත් 2015 බලයට පත් රජය රාජ්‍ය සේවක මූලික වැටුප රු. 10,000 කින් ඉහළ නැංවීමට කටයුතුකරන ලද අතර අංක 03/2016 දරන රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ විධිවිධාන මත සියලූ රජයේ සේවකයන්ගේ වැටුප් පරිමාණ සංශෝධනය කෙරුණු අතර, ගුරු සේවයේ වැටුප් ද ඒ අනුව සංශෝධනය කරනු ලැබූ අතර උදාහරණයකට උපාධිධාරී ගුරුවරයකුගේ වැටුුප රු. 16,120 සිට රු. 33,330 දක්වා ඉහළ නංවන ලදි.
 
 මීට අමතරව විදුහල්පතිවරුන්ගේ වැටුප ද මීට සමාන්තර ලෙස ඉහළ නංවන ලදි. එමෙන්ම විදුහල්පතිවරුන්ගේ රු. 750 ක දීමනාව රු. 6,000 දක්වා ඉහළ නැංවීමට ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගන්නා ලදි.
 
 ඒ අනුව ගුරු-විදුහල්පති සේවාව තුළ ඇති අනෙකුත් වැටුප් විෂමතාවන්ට ද සාධාරණ විසඳුම් මෙරට සියලූ ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට හිමිවනු ඇත.
 
 තම තමන්ගේ අවස්ථාවාදී දේශපාලන හා පුද්ගලික අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් ජනපි‍්‍රය සටන් පාඨ පෙරටු කර ගනිමින් මෙම කණ්ඩායම් කි‍්‍රයා කරමින් සිටින බව පැහැදිලිය.

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

upessa250

දියග

teacher250

මීවිත

vio250

More Articles