Divaina - බිලියන 2312 ක් රජයේ වියදම් දැක්වෙන විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ...වැඩිම මුදල ආරක්‍ෂක අමාත්‍යාංශයට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


 
 
 
 අජිත් අලහකෝන්
 
මෙම වසරේ රජයේ ඇස්තමේන්තුගත සමස්ත වියදම රුපියල් කෝටි දෙලක්‍ෂ තිස් එක් දහස් දෙසියයක් (බිලියන 2312 ක්) බව දැක්වෙන විසර්ජන පනත් කෙටුම්පත මුදල් ඇමැතිවරයා විසින් අද (05 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
 සාමාන්‍යයෙන් මුදල් ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී අයවැය කතාව සිදුකරන දිනට මසකට පෙර රජයේ වියදම දැක්වෙන විසර්ජන පනත් කෙටුම්පත සභාගත කරනු ලබයි. ඒ අනුව මෙම වසරේ විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ලබන මස (මාර්තු) 05 වැනිදා අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට නියමිත බැවිනි.
 
 අද ඉදිරිපත් කෙරෙන විසර්ජන පනත් කෙටුම්පත මගින් ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තුව, විපක්‍ෂ නායක, ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ සංවිධායක කාර්යාල, සභා නායක කාර්යාලය, කැබිනට් නොවන අමාත්‍යාංශ හතරකට සහ කැබිනට් අමාත්‍යාංශ තිහකට මුදල් වෙන්කර ඇත.
 
 ඒ අනුව මෙවරද වැඩිම මුදලක් වෙන්කර තිබෙන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශයටය. එය රුපියල් කෝටි 39,306 කි. දෙවැනුව වැඩිම මුදල් රුපියල් කෝටි 29,239 ක් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට වෙන්කර තිබේ.
 
 ජනාධිපතිවරයා වෙනුවෙන් රුපියල් කෝටි 1355 ක්ද අගමැතිවරයා වෙනුවෙන් රුපියල් කෝටි 162 ක්ද වෙන්කර තිබේ.
 
 විපක්‍ෂ නායකයා වෙනුවෙන් රුපියල් කෝටි 9.5 ක්ද, පාර්ලිමේන්තුවේ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 358 ක්ද වෙන්කර ඇත. මැතිවරණ කොමිසම වෙනුවෙන් මෙම වසරේ වියදම සඳහා රුපියල් කෝටි 484 ක් වෙන් කර තිබේ.
 
 කැබිනට් නොවන අමාත්‍යාංශ වන ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශයට රුපියල් කෝටි 369 ක්ද, විiා තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට රුපියල් කෝටි 514 ක්ද, පොදු සැපයීම් සහ ආර්ථික ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට රුපියල් කෝටි 18 ක් හා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධනය උදෙසා රුපියල් කෝටි 320 ක්ද වෙන්කර ඇත.
 
 කැබිනට් අමාත්‍යාංශ කිහිපයකට වෙන්කර තිබෙන මුදල මෙසේය.
 
 මුදල් හා ජනමාධ්‍ය රුපියල් කෝටි 18,384 යි, ජාතික ප‍්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුර සංවර්ධනය, වෘත්තීය පුහුණු නිපුනතා සහ යෞවන කටයුතු රුපියල් කෝටි 9831 යි. අධිකරණ, බන්ධනාගාර හා ප‍්‍රතිසංස්කරණ, අමාත්‍යාංශයට රුපියල් කෝටි 1914 ක්, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛi අමාත්‍යාංශයට රුපියල් කෝටි 18748 ක්, විදේශ කටයුතු රුපියල් කෝටි 1255 ක්, ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රුපියල් කෝටි 6918 ක්, මහාමාර්ග හා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 17553 ක්, කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට රුපියල් කෝටි 11,429 ක් වෙන්කර ඇත.
 
 කාන්තා හා ළමා කටයුතු, වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 96 කි. නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික රුපියල් කෝටි 1663 ක්, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු රුපියල් කෝටි 944 ක්, වෙන්කර තිබේ.
 
 අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් කෝටි 10,500 කි. රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට රුපියල් කෝටි 21,651 කි. කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 1289 ක්ද, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයට රුපියල් කෝටි 4299 ක්ද වෙන්කර ඇත.
 
 මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 4998 ක්, වරාය හා නාවික කටයුතු, දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 386 ක්. නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 12,654 ක් වෙන් කර ඇත. ඒ තුළ විශ්වවිiාල සඳහා රුපියල් කෝටි 617 ක් ඇතුළත්ය.
 
 කම්කරු වෘත්තීය සමිති සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයට රුපියල් කෝටි 8677 ක්, විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක‍්‍රීඩා අමාත්‍යාංශයට රුපියල් කෝටි 633 ක් සහ සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයට රුපියල් කෝටි 258 ක් වෙන්කර ඇත.
 
 විසර්ජන පනතේ සඳහන් වන මෙම වසරේ සමස්ත වියදම පියවන ආකාරය මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ලබන 05 වැනිදා අයවැය කතාව මගින් ඉදිරිපත් කරනු ඇත.
 
 මෙම වසරේ පළමු මාස හතර සඳහා පසුගිය නොවැම්බර් මාසයේදී අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගනු ලැබීය. එම අතුරු සම්මත ගිණුමේ සඳහන් පළමු මාස හතරේ වියදම්ද අද ඉදිරිපත් කරන විසර්ජන පනත් කෙටුම්පතට ඇතුළත්ව ඇත.

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles