Divaina - වර්ජන කරන පළියට පඩි වැඩි කරන්න බැහැ; මේක කොන්ද පණ නැති ආණ්‌ඩුවක්‌! කැබිනට්‌ හමුවේදී මංගල කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina Prepaid Max

divaina banner new


 කුෂාන් සුබසිංහ
 
 මේ ආණ්‌ඩුව මහ කොන්ද පණ නැති ආණ්‌ඩුවක්‌ යෑයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (31 දා) කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී ප්‍රකාශ කර ඇත.
 
 වැඩ වර්ජන කරන පළියට ඔවුන් ඉල්ලන ඉල්ලන දේවල් දෙන්න ගියොත් වැල නොකැඩී වර්ජන සිදු කරන අයගේ ඉල්ලීම් ඉටුකරන්න සිදුවනු ඇතැයි ද ඇමැතිවරයා පවසා ඇත.
 
 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනපති ලේකම් කාර්යාලයේ පැවැති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී ඇමැතිවරයා එසේ ප්‍රකාශ කර ඇත්තේ දුම්රිය වෘත්තීය සමිති ඉල්ලීම් ඉටුකිරීමට කටයුතු යොදන ලෙස ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කැබිනට්‌ මණ්‌ඩලයට යෝජනා කළ අවස්‌ථාවේදීය.
 
 වැඩ වර්ජන කරන පළියට පඩි වැඩිවීම් දෙන්න බැහැ. මේක මහ කොන්ද පණ නැති ආණ්‌ඩුවක්‌. මෙහෙම පඩි වැඩිවීම් කරන්න ගියොත් හැමෝම වර්ජන කරයි. වර්ජන කරනවට බයෙන් පඩි වැඩි කරන්න බැහැ. යෑයි මංගල සමරවීර මහතා එහිදී දොaෂාරෝපණය කර තිබේ.
 
 කෙසේ වෙතත් සෞඛ්‍ය හා පෝෂණ ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා එහිදී අදහස්‌ දක්‌වමින් පවසා ඇත්තේ දුම්රිය වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටුකළ යුතු බවයි.
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

srima250

නවලිය

hema250

දියග

jesof250i

මීවිත

gorki250

More Articles