The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

MM Divaina 365x90 S

UPali

p1 5මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වරදකරුවී මරණ දඬුවම නියමව සිරගතව සිටියදී යළිත් වරක්‌ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූවන්ට මුලින්ම එම දඬුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශ ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (11 වැනිදා) පැවසීය.

දැනට මරණ දඬුවම් ලබා සිටින පිරිසෙන් 19 දෙනකු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව වැරදිකරුවන් වූ අය බවද ඔවුන්ගෙන් සිරකූඩුවේ සිටියදී යළිත් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවූ අය හා දිගින් දිගටම එම ජාවරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවද හෙතෙම ඊයේ (11 වැනිදා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

කැබිනට්‌ රැස්‌වීමේදී මේ පිළිබඳ වාර්තා ලබාදෙන ලෙස ජනපතිවරයා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ ඇමැතිවරියට දැනුම් දුන් බවද එම වාර්තා ලැබුණු වහාම මරණ දඬුවමට අත්සන් කිරීමට සූදානම් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

තමා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෞද්ගලිකව අකමැති වුවත් ජාවාරම මැඬලීම සඳහා ගන්නා ක්‍රියා මාර්ගයකට විරුද්ධ නොවන බවද ඇමැතිවරයා කීය.

මේ අතර මරණ දඬුවම නියමව මේ වන විට බන්ධනාගාර ගතව රැඳවියන් 1254 ක්‌ සිටින බව බන්ධනාගාර කොමසාරිස්‌ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා "දිවයින"ට ඊයේ පැවැසීය.

මෙම පිරිස අතරින් 880 ක්‌ අභියාචනා ඉදිරිපත් කර සිටින බවද මත්කුඩු වැරදි සම්බන්ධයෙන් මරණ දණ්‌ඩනය නියමව රැඳවියන් 17 ක්‌ සහ කාන්තා රැඳවියක්‌ සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

මේ වන විට බෝගම්බර බන්ධනාගාරයේ තිබූ එල්ලුම් ගහ ඉවත් කිරීම නිසා මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් වැලිකඩ බන්ධනාගාරයේ තිබෙන එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හැකිබවද ඔහු කීවේය.

වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම්ගහ සඳහා මේ වන විට නව කඹයක්‌ ගෙන්වා තිබෙන බවත් එය යොදා දණ්‌ඩනය ක්‍රියාත්මක කිරීමට හැකි බවත් ඒ මහතා පැවැසීය.

එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම සඳහා අලුතෙන් අලුගෝසුවකු බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීමට සිදුවනබවද හෙතෙම කීවේය.

බන්ධනාගාරයේ අලුගෝසුවන් ලෙස කටයුතු කළ දෙදෙනාට උසස්‌වීම් ලැබීම නිසා එම පුරප්පාඩුවට දෙදෙනකු බඳවා ගත් බවත් ඔවුන් දෙදෙනාද සේවය අතහැර යැම නිසා අලුගෝසු තනතුරු දෙක පුරප්පාඩුවී තිබෙනබවත් ඒ මහතා සඳහන් කළේය.

අලුගෝසු තනතුර සඳහා අයදුම්පත් කැඳවනු ලැබුවහොත් 8 වැනි ශේ්‍රණිය සමත් මනා කායික සහ මානසික වයස 35 ට අඩු පිරිමි අයට අයදුම් කළ හැකි බවද තුෂාර උපුල්දෙණිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රනිල් ධර්මසේන, නෝමන් පළිහවඩන, චමින්ද සිල්වා

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

suminda250

නවලිය

niranjala250

දියග

kimb1new

මීවිත

kiribath250

More Articles