Divaina - යාපනය යළිත් නොසන්සුන්

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

p2 1යක්‌ෂ බිය, භූත බිය කඩු කාරයින්ගේ බිය මැද වුවත් මෙතෙක්‌ නිහඬව නිසොල්මනේ පැවති යාපනය යළිත් ගිනි ඇවිළී තිබේ.
 
 ඒ යාපනයේ තෙලිප්පලෙයි මල්ලාකම් සහයමාතා දේවස්‌ථානයේ වාර්ෂික මංගල්ලය පැවැත්වෙන අතරතුර පොලිස්‌ නිලධාරීන් දෙදෙනෙකු විසින් තබන ලද වෙඩි ප්‍රහාරයකින් යාපනයේ තරුණයෙකු මිය යාමත් සමගය. මේ සිද්ධියත් සමග යාපනය යළි නොසන්සුන් වී තිබේ.
 
 පොලිසිය පවසන්නේ පොලිස්‌ නිලධාරීන්ට කඩුවකින් කෙටීමට පැමිණි නිසා පොලිසිය වෙඩි තැබූ බවයි. සිද්ධිය වූ ස්‌ථානයට පැමිණි මල්ලාකම් දිසාවිනිසුරු ඇන්ටන් ජූඩ්සන් මහතා ඉදිරියේදී සිද්ධිය සියෑසින් දුටුවෝ කියා සිටියේ පොලිසිය තරුණයින් පිරිසකගෙන් ගංජා පිළිබඳව විමසමින් ඒ තරුණයින්ට කරදර කළ බවයි.
 
 සිද්ධිය පිළිබදව පරීක්‌ෂණ කටයුතු සිදුවෙමින් පැවතියත් යාපනයේ බොහෝ දෙනෙකු කියා සිටියේ මේ අවස්‌ථාවේදී මෙවැනි සිද්ධියක්‌ සිදු නොවූවා නම් යාපනයේ ජන ජීවිතයට වඩාත් හොඳ බවයි.
 
 * නියෝජ්‍ය ඇමැතිකමට උතුරෙන් විරෝධය
 
 උතුරු පළාත නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මන්ත්‍රීවරයෙකුට නියෝජ්‍ය අමාත්‍ය ධුරයක්‌ ලබා දීමත් සමගම උතුරු පළාත තුළ දෙබරයකට ගල් ගැසුවා මෙන් දැඩි නොසන්සුන් තත්ත්වයක්‌ හටගෙන තිබේ.
 
 වන්නි දිස්‌ත්‍රික්‌කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්‌තාන් මහතාට ලබා දුන් නියෝජ්‍ය අමාත්‍ය ධුරයට හින්දු කටයුතු ඈඳා තිබීමත් සමගම උතුරේම දෙමළ ජනතාව දැඩි විරෝධයක්‌ පාන්නට විය.
 
 මේ විරෝධතාවය දේශපාලන පක්‌ෂ වශයෙන් පැන නැගීමක්‌ සිදු වූ අතර ඊට වඩා ආගමික වශයෙන් උද්ගත වූ විරෝධය දැඩි වී තිබේ. උතුරේ සෑම කෝවිලක්‌ ඉදිරිපිටම මස්‌තාන් නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව පමණක්‌ නොව ජනාධිපතිවරයාට එරෙහිවද විරෝධතා පැවැත්විණි.
 
 ඒ අන්දමට විරෝධතා පැන නැගුණේ මස්‌තාන් නියෝජ්‍ය අමාත්‍යවරයා මුස්‌ලිම් ජාතිකයෙකු වීමත් ඔහුට හින්දු කටයුතු පිළිබඳව කටයුතු කිරීමට ලබා දීමේ ඇති අයිතිය සදාචාර සම්පන්න නොවන බවත් හුවා දක්‌වමිනි.
 
 මස්‌තාන් නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ පවුලේ උදවිය ව්‍යාපාර වශයෙන් ගවයින් මිලට ගෙන වවුනියාවේදී මස්‌ කොට එම ගව මස්‌ තොග වශයෙන් කොළඹට යෑවීම පිළිබඳව හින්දු ජනතාව ඔවුන් කෙරෙහි පැවති වෛරයද මේ අවස්‌ථාවේදී පිරිමසා ගනිමින් සිටිති.
 
 මස්‌තාන් නියෝජ්‍ය අමාත්‍යවරයා දේශපාලනයට පිවිසීමෙන් පසුව ඔහු එම ව්‍යාපාරවලින් ඉවත් වූ බව මීට මාස තුනකට පමණ ඉහතදී මාධ්‍යයට ප්‍රකාශ කොට සිටියේය. ඒ ඔහුට අයත් වවුනියාවේ පිහිටි ඉන්ධන ගබඩාවකදී මහා පරිමාණයේ වංචාවක්‌ සිදු වූ අවස්‌ථාවේදීය. නමුත් ගවයින් මිලට ගැනීම හොර ගවයින් පොලිසියේ සහය ඇතිව වවුනියාවේදී මස්‌ කොට කොළඹට යෑවීම තවමත් සිදු වෙයි.
 
 * දෙමළ ජාතික සන්ධානයෙන් ගිය පිරිසට යළි ආරාධනා
 
 ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්‌ෂයේ මධ්‍යම කාරක සභාව ඉතා හදිසියේම මෙවර මුලතිව් ප්‍රදේශයේදී පැවැත්විණි. ඒ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙනි.
 
 එහිදී ඉදිරියේදී කුමන මැතිවරණයක්‌ පැවැත්වුණද ඊට සාර්ථකව මුහුණ දීමට හැකි අන්දමට ප්‍රධාන අංශ නවයක්‌ යටතේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්‌ෂය ප්‍රතිසංවිධානය කළ බව එම පක්‌ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසීය.
 
 පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය උතුරු පළාතේදී ප්‍රබල ලෙස පසු බෑමකට ලක්‌වීමට බලපාන ලද හේතු මෙහිදී සාකච්ඡා කළ බව කී මාවෙයි සේනාධිරාජා මහතා එය හුදෙක්‌ම සිදු වූයේ මැතිවරණ ක්‍රමයේ පැවති ස්‌වභාවය අනුව මිස පක්‌ෂයේ ප්‍රශ්නයක්‌ මත යෑයිද කියා සිටියේය.
 
 විමධ්‍යගත අයවැය යටතේ පක්‌ෂයේ මන්ත්‍රීවරුන්ට ලැබෙන ප්‍රතිපාදන වලින් ඉදිරියේදී සිදු කළ යුතු සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කොට කාර්ය සැලැස්‌මක්‌ සැකසූ බව කී මන්ත්‍රීවරයා පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ පිරිසට ලැබෙන ප්‍රතිපාදන කෙරෙහිද විශේෂ අවධානය යොමු කළ බවද පැවසීය.
 
 දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්‌ෂය වන ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්‌ෂය මේ සාකච්ඡාවේදී සමස්‌තයක්‌ වශයෙන් දෙමළ ජාතික සන්ධානය අතහැර ගිය සෙසු දේශපාලන පක්‌ෂ වලට දෙමළ ජනතාවගේ අනාගතය හා ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන සිතා යළිත් වරක්‌ දෙමළ ජාතික සන්ධානය සමග එක්‌වන ලෙස පොදු ඉල්ලීමක්‌ කළ බවද මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා කියා සිටියේය.
 
 * සී. වී. විග්නේෂ්වරන්ට නෝ චාන්ස්‌
 
 උතුරු පළාත් සභාවේ මී ළග මහ ඇමතිධුරය සඳහා දෙමළ ජාතික සන්ධානය හරහා තරග කිරීමට සී. වී. විග්නේස්‌වරන් මහතාට අවස්‌ථාව නොලැබෙන බව මේ සතියේදී ඒකාන්තයෙන්ම තහවුරු විණි.
 
 ඒ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‌ෂයේ මධ්‍යම කාරක සභාව මෙවර මුලතිව් දිස්‌ත්‍රික්‌කයේදී පැවැත්වීමෙන් අනතුරුවය.
 
 දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභාව මීට මාස තුනකට ඉහතදී රැස්‌වූ අවස්‌ථාවෙදී සී. වී. විග්නේෂ්වරන් මහතාට මීළඟට දෙමළ ජාතික සන්ධානය හරහා ප්‍රධාන අමාත්‍ය ධුරය සඳහා තරග කිරීමට අවස්‌ථාවක්‌ ලබා නොදීමට තීරණය කොට තිබුණි.
 
 මේ අවස්‌ථාවේදී සී. වී. විග්නේෂ්වරන් මහතාද එම තීරණයට එරෙහිව බොහෝ දේ ප්‍රකාශ කිරීමත් ඉතාම ඉක්‌මණින් ඒ දේශපාලන කතාවේ උණුසුම පහව යාමත් නිසා කිසිවෙකුත් ඒ ගැන යළි කතා නොකළේය.
 
 යළිත් මේ කතාව උණුසුම් වූයේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්‌ෂයේ මධ්‍යම කාරක සභා රැස්‌වීමත් සමගය.
 
 මේ වනවිට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය ලබාගැනීම සඳහා ඉතාම සීතල යුද්ධයක්‌ ක්‍රියාත්මක වෙමින් පවතී. මුහුද හත්ගව්වක්‌ තිබියදී මොකක්‌දෝ ඇද සූදානම් වූවා සේ ඉතා ප්‍රබල චරිත දෙකක්‌ම මේ සටනට අවතීර්ණ වෙමින් සිටියි.
 
 ඒ නිසාම මේ තත්ත්වය අනාගතයේදී ද්වන්ධ සටනක්‌ වනු ඇතැයි යාපනය විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශයේ ආචාර්යවරයෙකු පවසා තිබුණි. මේ ද්වන්ධ සටනේ එක්‌ පසෙක සිටින්නේ මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයාය. අනෙක්‌ පස සිටින්නේ එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයාය.
 
 * උතුරේ මහ ඇමතිගේ ''නයා ඇදීම"
 
 යාපනයේ කෝවිලක පැවති උත්සවයකට පැමිණි ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ ඔහුත් නාගයනුත් අතර ඉතා දැඩි සමීප සම්බන්ධයක්‌ ඇති බවයි.
 
 තමන්ගේ නිවසට අදටත් නිතර නිතර නාගයෙකු පැමිණෙන බව පවසා ඇති ප්‍රධාන අමාත්‍යවරයා එම නාගයාගෙන් තමන්ට විශාල පිහිටක්‌ ලැබෙන බවද පවසා තිබේ.තමන්ගේ ජීවිතයේ ඉතාම වැදගත් දිනවලට මේ නාගයා පැමිණෙන බව කියන ප්‍රධාන අමාත්‍යවරයා මේ නිසා තමන් නාගයන්ට ගරු කරන බවද පවසා තිබේ.
 
 සී. වී. විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා මේ කතාවේදී තමන්ට ප්‍රධාන අමාත්‍යධුරයට පැමිණීමට පවා උදව් උපකාර මේ නාගයින්ගෙන් ලැබී ඇති බව ඉතා වක්‍රව පවසා තිබේ.
 
 කෙසේ හෝ සිංහල මාධ්‍යයෙන් ලබාගෙන ඇති තොරතුරු වලට අනුව මේ දිනවල දෙමළ මාධ්‍ය නිතර නිතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ zzනයි ඇදීම" ගැන ඔවුන්ද බොහෝ දේ ලියා ඇත්තේ ප්‍රධාන අමාත්‍යවරයාගේ බොරු බේගල් පිළිබඳවය.
 
 ප්‍රධාන අමාත්‍යවරයාට විරුද්ධ යාපනයේ විද්වතුන් පවසා අත්තේ විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා වැනි උගතෙකු නාගයින් පිළිබඳව මෙතරම් විශ්වාසය තබා කටයුතු කරන අයෙකු නම් යාපනයේ සාමාන්‍ය නූගත් පිරිස වරින් වර යක්‌ෂයින්ට භූතයින්ට හසු වී ඒ ගැන කතා කිරීම එතරම් අරුමයක්‌ නොවන බවයි.
 
 * උතුරට නෙදර්ලන්තයෙන් අලුත් රෝහලක්‌
 
 උතුරේ වැසියන්ට ඉතාම සුබ ආරංචියක්‌ මේ සතියේදී වාර්තා වුණි. යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ සියලුම අංගෝපාංගයන්ගෙන් යුත් හදිසි අනතුරු වාට්‌ටුවක්‌ සහිතව විශාල රෝහලක්‌ ඉදි කිරීමට නෙදර්ලන්ත රජය ඉදිරිපත් වී සිටීම ඒ ආරංචියයි.
 
 මේ සඳහා වැය කිරීමට බලාපොරොත්තුවන මුදල රුපියල් මිලියන දස දහසකි.
 
 උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් පද්මනාදන් සත්‍යලිංගම් වෛද්‍යවරයා කටයුතු කළ කාල වකවානුවේදී ඔහු නෙදර්ලන්තයේ නිල චාරිකාවක නිරත වූ අවස්‌ථාවේදී නෙදර්ලන්ත රජයෙන් මේ ඉල්ලීම කළත් රෝහල ලබා දීමට නෙදර්ලන්ත රජය තීරණය කරන විට සත්‍යලිංගම් මහතාව සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ප්‍රධාන අමාත්‍යවරයා විසින් නෙරපා හමාරය.
 
 p2 2දිනසේන රතුගමගේ
 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles