The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

UPali

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
 
 සිය දියණියක්‌ විසින් ඉදිකරගෙන යන නිවසක ඉදිකිරීම් කටයුතු විවධ හේතුන් මත ප්‍රමාදවීම නිසා එය කඩිනම් කිරීමට බහිරව පූජාවක්‌ පැවැත්වීම සඳහා සිය නිවසට ගෙන්වා ගත් තරුණ කට්‌ටඬියකු සහ බෑනා කෙනකු ගෙහිමි කාන්තාව සතු රුපියල් තුන් ලක්‌ෂ තිස්‌ දෙදහසක්‌ පමණ වටිනා රන් භාණ්‌ඩ සහ රුපියල් පන් ලක්‌ෂ අනූපන්දහසක මුදලක්‌ සොරකම් කිරීමේ චෝදනාවකට මිහින්තලේ පොලිසිය විසින් පෙරේදා (11දා) සවස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
 
 ඉකුත් නොවැම්බර් මස 25 ත් දෙසැම්බර් මස 20 වැනිදාත් අතර කාලයේදී සිදුවී ඇති මෙම සොරකම සම්බන්ධයෙන් සියලු තොරතුරු සැකහැර අනාවරණය කර ගත් අදාළ ගෙහිමි කාන්තාව විසින් අනතුරුව ඒ පිළිබඳව මිහින්තලේ පොලිසියට පැමිණිලි කොට ඇත.
 
 පසුව පොලිසිය තරුණ කට්‌ටඬියා සහ පැමිණිලිකාරියාගේ බෑනා අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් විසින් පැමිණිලිකාරිය සතු අදාළ රන් භාණ්‌ඩ සහ මුදල් සොරකම් කොට ඇති බව අනාවරණය වී ඇත.
 
 මෙසේ අත්අඩංගුවට ගත් විසිපස්‌ හැවිරිදි කට්‌ටඬියා සහ පැමිණිලිකාරියගේ තිස්‌ හතර හැවිරිදි බෑනා මිහින්තලේ බෝගහයාය ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලිස්‌ පරීක්‌ෂණ වලදී අනාවරණය වී ඇත.
 
 මේ අතර පොලිසිය සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් විසින් සොරකම් කළ රන් භාණ්‌ඩ අලෙවි කළ සහ උකස්‌ කළ ලදුපත් කීපයක්‌ද සිය භාරයට ගෙන තිබේ.
 
 පැමිණිලිකාරිය සිය සැමියා, විවාහක දියණියන් තිදෙනා සහ ඔවුන්ගේ දරුවන් සමඟ එකම නිවසක පදිංචිව සිටින අතර එක්‌ දියණියක්‌ විසින් ඉදිකිරීම් කරගෙන යනු ලබන නිවසේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම නිසා එය කඩිනම් කිරීමට බහිරව පූජාවක්‌ පැවැත්වීම සඳහා එම ප්‍රදේශයේම පදිංචිව සිටින තරුණ කට්‌ටඬියා තම නිවසට ගෙන්වාගෙන ඇත.
 
 තරුණ කට්‌ටඬියා බහිරව පූජාව පැවැත්වීමට පැමිණිලිකාරියගේ නිවසට පැමිණි පසු ඔහු සමඟ එක්‌වූ සැකකාර බෑනා උපක්‍රමශීලිව සංවිධානය වී බහිරව පූජාව පැවැත්වීමට පෙර නිවසේ ඇති සියලුම රන් භාණ්‌ඩ සහ මුදල් එක්‌ ස්‌ථානයක තබන ලෙසට පැමිණිලිකාරිය ඇතුළු පවුලේ අනෙකුත් සාමාජිකයින් හට දන්වා ඇත. ඒ අනුව ගෙහිමි කාන්තාව කටයුතු කර තිබේ.
 
 අනතුරුව සැකකරුවන් දෙදෙනා විසින් රුපියල් තුන් ලක්‌ෂ තිස්‌ දෙදහසක්‌ පමණ වටිනා රන් මාල 04ක්‌, මුදු 05 ක්‌, වළලු 02 ක්‌, සහ රුපියල් පන් ලක්‌ෂ අනූපන් දහසක මුදල් සොරකම් කොට පසුව සැකකාර කට්‌ටඬියා දේවාරුඪයෙන් මෙන් ව්‍යාජ පූජාවක්‌ පවත්වා ඔවුන් විසින්ම නිවසේ වෙනත් ස්‌ථානයක සඟවා තිබූ පවුම් අටක්‌ බරින් යුත් රන් මාලයක්‌,පවුම් දෙකක අත් පළඳනාවක්‌ සහ පවුමක බරින් යුත් වළල්ලක්‌ තිබු ස්‌ථානය පවසා සොයා දී තිබේ.
 
 ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පොලිසිය විසින් අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

gara250

නවලිය

nava250

දියග

kimb1new

මීවිත

kiribath250

More Articles