The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

UPali

සරත් ධර්මසේන
 
 පිහියකින් ඇන මිනීමැරුමක්‌ සිදුකිරීමේ චෝදනා එල්ල වී සිටි පුද්ගලයන් දෙදෙනකු එම සිද්ධිය වී වසර 20 කට පසුව කොළඹ මහාධිකරණය විසින් ඊයේ 12 වැනිදා නිදහස්‌ කරන ලදී.
 
 විතානගේ කැළුම් ප්‍රසන්න හා රණසිංහ ආරච්චිගේ ප්‍රියන්ත කුමාර මෙහි විත්තිකරුවන් දෙදෙනායි.
 
 1995 මැයි 17 දා මරදාන ලොක්‌ගේට්‌ ලේන් හිදී මිනීමැරුම සිදුවී ඇත. සිසිල් කුමාර පෙරේරා මියගිය තැනැත්තාය.
 
 නඩු විභාගයේදී පැමිණිල්ලෙන් ඉදිරිපත් වූ සාක්‌ෂි පරස්‌පර විරෝධී බවත් විත්තිකරුවන්ට එරෙහි නඩුව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී නැති බවත් නඩුව විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විඡේරත්න මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.
 
 01 විත්තිකරු වෙනුවෙන් අධීනීතිඥ කේ. වයි. පෙරේරා සහ 02 වැනි විත්තිකරු වෙනුවෙන් අධිනීතිඥ සී.වී. රාජපක්‌ෂ මහතා පෙනී සිටියේය.

 

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

gara250

නවලිය

nava250

දියග

kimb1new

මීවිත

kiribath250

More Articles