ප්රදීප් ප්රසන්න සමරකෝන්
කළුබෝවිල මහ රෝහලේ 27 වාට්ටුවේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටි රෝගියකු එහි නාන කාමරය තුළදී ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි කොහුවල පොලිසිය කියයි.
ඊයේ (12 වැනිදා) අලුයම 4.00ට පමණ මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ කෝට්ටේ මාදිවෙල මල්සිරිපුර පදිංචිව සිටි වික්රමසිංහ ආරච්චිගේ ලසිත ඉන්දික නමැති තිස්තුන් හැවිරිදි අවිවාහකයෙකි.
මෙම රෝගියා අර්ශස් රෝගය නිසා වේදනාවෙන් කාලයක්ම සිට ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.
සිද්ධිය වී ඇති දින මොහුට සැත්කමක්ද සිදුකර ඇති බවත් එහෙත් ඔහුගේ වේදනාව පහවී නොයැම නිසා රෝහල් ගොඩනැගිල්ලෙන් පැන සියදිවි නසාගැනීමට තැත්කර ඇති බවත් ඔහුගේ ඥතීන් පොලීසියට ප්රකාශ කර තිබේ.
මරණ පරීéණය කලුබෝවිල හදිසි මරණ පරීéක පාරින්ද කොටුගොඩ මහතා හමුවේ පැවැත්වීමට නියමිතය.
කොහුවල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීéක සහන් රංජිත් මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් දයානන්ද (41959) වැඩිදුර පරීéණ පවත්වයි.