The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

380x70 si

IDP

මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු
 
 මාතර පිහිටි යතුරුලියන උපකාරක පන්තියකට සහභාගි වීමට 11 දින උදේ පාගමනින් යමින් සිටි 23 හැවිරිදි තරුණියක්‌ මාතර කුමාරතුංග මාවතේදී කැබ් රථයකින් පැමිණි පුද්ගලයකු විසින් ඇයගේ අකැමැත්තෙන් ඇය හා විවාහ වීමට අවශ්‍ය බවට පවසා කැබ් රථයට නංවා ගෙන යැමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක්‌ මත මාතර පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.
 
 කෙසේ වෙතත් අදාළ තරුණිය පසුව සැකකරුගේ සහෝදරියක්‌ විසින් මාතර බස්‌ නැවතුම්පළේදී ඇගේ මවට භාරදී ඇති බවට ද වාර්තා වෙයි.
 
 සැකකරු දික්‌වැල්ලේ පදිංචිකරුවෙකි.
 
 කැබ් රථයේ සැකකරු සමඟ තවත් දෙදෙනෙක්‌ සිට ඇති බවත් කුමාරතුංග මාවතේදී ඇගේ අකැමැත්ත පිට ඇය රථයට නංවා ගෙන සැකකරු ඇයට විවාහ වීමට බල කර තිබේ. එහිදී තමා විවාහ වී සිටින බවට ඇය සැකකරුට පවසා ඇති බවත් එම පැවසීම ගණන් නොගත් සැකකරු ඇගේ හැඳුනුම්පත රැගෙන එන ලෙසට සැකකරුගේ සහෝදරියක්‌ සමඟ යන ලෙසට දන්වා තිබේ. පසුව ඇය සැකකරුගේ සහෝදරියට පවසා ඇත්තේ තමා විවාහක බවත් විවාහ වීමට අකැමැති බවත්ය.
 
 පසුව සහෝදරිය විසින් ඇය මාතර බස්‌ නැවතුම්පළට ගෙන ගොස්‌ තරුණියගේ මවට භාරදී තිබේ.
 
 මෙම තරුණිය පැහැර ගෙන යැම සම්බන්ධ සිද්ධිය ඇගේ යෙහෙළියක්‌ විසින් ඇගේ මවට දුරකථනයෙන් දන්වා ඇති බවට ද වාර්තා වෙයි. වෛද්‍ය පරීක්‌ෂණයක්‌ සඳහා තරුණිය රෝහල්ගත කොට ඇත.
 
 මාතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි ජී. එස්‌. මාරපන මහතාගේ උපදෙස්‌ මත මාතර මූලස්‌ථාන ප්‍ර. පො. ප. ධම්මික අමරසේන මහතා ඇතුළු නිලධාරීන් පරීක්‌ෂණ පවත්වයි.

 

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

sanak500

නවලිය

wis250

දියග

diyaga31

මීවිත

achala

More Articles