The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90

Divaina

අහංගම - සුගතපාල දීයගහගේ හබරාදුව -ඒ.එල්.ඒ.ආරියරත්න
 
 බාල වයස්‌කාර සිසුන් දෙදෙනෙකුට බරපතළ ලිංගික අතවර කොට එය වීඩියෝ ගතකර විදෙස්‌ රටවලට යවන ලද සැකකරුවන් දෙදෙනෙකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 මෙම සිසුන් දෙදෙනා ගාල්ල නගරයේ විහාරස්‌ථානයක පවත්වාගෙන යනු ලබන උපකාරක පංතිවලට සහභාගිවන අතර එම උපකාරක පංතියේ උත්සවයකට මුදල් එකතු කිරීම සඳහා සකස්‌ කර තිබූ කොටු කපන කාඩ් පත් රැගෙන ගෙන් ගෙට යමින් සිටියදි එක්‌ සැකකරුවකු මුදල් දීමට යයි පවසා ඔහුගේ නිවසට කතාකර ඇත.
 
 ඒ අනුව එක්‌ සිසුවකු එම නිවසට ගිය අවස්‌ථාවේ සැකකරු ඔහුගේ තවත් මිතුරකුට දුරකථන ඇමතුමක්‌ ලබාදී ගෙන්වා ගෙන සිසුවාට බර පතළ ලිංගික අතවර කරමින් එය විඩියෝ ගකරන ලෙස මිතුරාට පවසා ඇත. ඒ අනුව මිතුරා එය විඩියෝ ගතකර ඇති අතර පසුව ඔහු ද එසේම ලංගික අතවර කර ඇත.
 
 එයට පසු තවත් දිනයක අනෙක්‌ සිසුවාට ද ඒ ආකාරයෙන්ම බරපතළ ලිංගික අතවර කොට විඩියෝ ගතකර එම දර්ශන විදේශ රටවලට යවා තිබේ. විදෙස්‌ රටකදි එම දර්ශන දුටු එක්‌ සිසුවකුගේ ඥාතියකු ඒ බව සිසුවාගේ දෙමවුපියන්ට දැනුම් දීමෙන් පසු සිද්ධිය පොලිසියට පැමිණිලි කර ඇත.
 
 ඒ අනුව සැකකරුවන් දෙදෙනාද ජංගම දුරකථනයද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් ගාල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර අධිකරණ නියෝග ලබාගෙන ජංගම දුරකථනයේ දර්ශන පිළිබඳ වාර්තාවක්‌ ලබාගැනීම සඳහා එය මොරටුව විශ්වවිද්‍යාලයට යෑවිමට ද නියමිතය.
 
 සිද්ධිය වාර්තාවීමෙන් පසු ගාල්ල කොට්‌ඨාස අපරාධ පරීක්‌ෂණාගාරයේ (සොකෝ) ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක ජගත් ප්‍රියන්ත කාන්තා සැරයන් ජනනි (545) යන මහත්ම මහත්මින් විසින් අපරාධය සිදුවු ස්‌ථානවලට ගොස්‌ විද්‍යාත්මක සාක්‌කි
 
 එක්‌රැස්‌ කරනු ලැබු අතර ගාල්ල මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂක අජිත් කුමාර මහතාගේ උපදෙස්‌ පරිදි ළමා හා කන්තා කාර්යංශයේ ස්‌ථානාධිපතිනි උප පොලිස්‌ පරීක්‌ෂිකා ඒ. ඩබ්ලිව් චෞද්රි සැරයන් සමරනායක, (25312) කාන්තා කොස්‌තාපල්වරියන් වන නෙල්කා (5621) මධුවන්ති, (8677) හිමාලි, (5122) යන මහත්ම මහත්මින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

cinema

නවලිය

malani250

දියග

diyaga250

මීවිත

roy250

More Articles