The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90

Divaina

මීගමුව සමූහ - විමල් කීර්ති
 
 2008 සිට 2011 වසර දක්‌වා මත්කුඩු පානයට අවශ්‍ය මුදල් සෙවීම සඳහා නිවාස 54 ක්‌ බිඳ රුපියල් ලක්‌ෂ 25 කට අධික දේපළ සහ මුදල් සොරා ගත් මත්ලෝලියකු අත්අඩංගුවට ගැනීමට මීගමුව දිස්‌ත්‍රික්‌ අපරාධ කොට්‌ඨාසයේ සැරයන් (53155) සුදත් ගුණවර්ධන මහතා ඇතුළු එම ඒකකයේ නිලධාරීහු සමත් වූහ.
 
 42 හැවිරිදි මෙම සැකකරු ගෙවල් බිඳ ඇත්තේ වෙන්නප්පුව, මීගමුව, කොච්චිකඩේ, වේයන්ගොඩ යන ප්‍රදේශවලය. මොහු සැරයන් (53155) සුදත් මහතා විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කදිරාන කඳසුරිඳුගම දේවාලය අසලදීය.
 
 එම අවස්‌ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 200 ක්‌ අත්අඩංගුවට ගෙන ඇත. කටාන කදිරානේ පදිංචි අජිත් නිරෝෂන් ප්‍රනාන්දු (42) නමැති සැකකරු අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු යොදා ඇත.
 
 මෙම වැටලීමට මීගමුව දිස්‌ත්‍රික්‌ අපරාධ කොට්‌ඨාසයේ සැරයන් (53155) සුදත් ගුණවර්ධන, සැරයන් (51736) කෝස්‌තා, පො. කො. (79538) වාසල, පො. කො. (88441) හපුවිට, පො. කො. (37928) වන්නිනායක, සහ පො. කො. (34292) නලීන් යන නිලධාරීහු සහභාගි වූහ.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

cinema

නවලිය

malani250

දියග

diyaga250

මීවිත

roy250

More Articles